සටහන – නිශ්මං රණසිංහ
ජූලි 25, (LNW) කොළඹ :
නැවතත් ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා නොබිඳුණු ලකුණු 94 ක සබඳතාවයක් පවත්වමින් ආසියානු කාන්තා විස්සයි විස්ස තරගාවලියේ බී කාණ්ඩයේ කණ්ඩායම් අතර සිය අපරාජිත බව තහවුරු කළේ තායිලන්ත පන්දු යවන්නියන් අසරණ කරමින්ය.චමරි පන්දු 35 දී නොදැවී ලකුණු 49 ක් ලබා ගත්තාය.විශ්මි පන්දු 34 දී ලකුණු 39 ක් ලබා උන්නාය.

ලඝමුව පන්දුවට පහර දුන් තායිලන්තයට එරෙහිව කවීහා දිල්හාරි කැපී පෙණුන පන්දු යැවීමක නිරත විය.ඇය පන්දු ඕවර් 4 ලකුණු 13 ට කඩුලු 4 ක් දවා ගනිමින් නිමා කරන්නට සමත් වූවාය.සුගන්ධිකා කුමාරි,අචිනි කුලසූරිය,චමරි අතපත්තු සහ ඉනෝෂි ප්රියදර්ශණී එක් කඩුල්ල බැඟින් දවා ගන්නට සමත් විණි.තායිලන්ත මුලු ලඛුණු පූවරුව පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 7 ට ලකුණු 93 ක් දක්වා ගෙන ඒමට ප්රබලතම දායකත්වය දුන්නේ නන්නාපට් කොන්චරොන්කායි ය.ඇය නොදැවී ලකුණු 47 ක් ලැබීය.

පිළිතුරු ඉණිම පහසුවෙන් හසුරුවාගත් ශ්රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ඉතා සැහැල්ලුවෙන්,වේගයෙන් සහ කල්පනාකාරීව පහර දුන් ආකාරය යහපත්ය.චමරිගේ ලකුණු 49 ට හයේ පහර 4ක් සහ හතරේ පහරර දෙකක් එල්ල කළාය.විශ්මි හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් එල්ල කළාය.
චමරි මීට පෙර ප්රකාශ කළ පරිදිම මේ තරගයේදී ද කණ්ඩායමේ සංයුතිය වෙනස් විය.ප්රතිපලය ප්රබල විය.ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට අවාස්ථාව ලැබෙන ඕනෑම ක්රීඩිකාවක් ඉතා ඉහළ මට්ටමෙන් ප්රතිපල දැක්වීමට සූදානම් මට්ටමේ පසුවීම රටේ භාග්ය්යක්ය.එහෙත් තායිලන්ත තරගයෙන් පසුව උදාවන තරගවලදී ශ්රී ලංකාවට ආපසු හැරෙන්න නොහැකිය.සියලු තරගවල ජයග්රහණය අනිවාර්ය වන්නේය.ඒ නිසා අප ඉදිරි තරගවලදී කණ්ඩායම තේරීමේ සිටම සූරතාවය සඳහා යා හැකි හැකියාව දශමයකින් හෝ අමතක කරන්නට ශ්රී ලංකාවට අවස්ථාව නැත.
ඒ කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගයට එන්නේ පකිස්තාන කණ්ඩායමය.එම තරගයද පහසුවෙන් ගන්නට අවස්ථාවක් නැත.බොහෝ විට එම තරගය ජයගෙන සිය ප්රතිවාදීන් ලෙස ආසියානු සූරී ඉන්දියාව අභිබවා යාමේ අභියෝගයට ලංකාවට මුහුණ දෙන්නට සිඳුවනු ඇත.එය දුශ්කර වැඩකි.ඒත් වත්මන් ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට එය කළ නොහැකි වැඩක් නොවනු ඇත.පළමු කොට විශ්වාසයෙන් ජයග්රහණය වෙනුවෙන් කැපවෙන,එක මොහොතක් හෝ ප්රතිවාදීන්ට ලබා නොදෙන ආකාරයට ඉදිරි තරග දෙක තුළම ශ්රී ලංකාව හැසිරිය යුතුය.
තායිලන්තය සමඟ ශ්රී ලංකාව තරග වැදුණු තරගයේ ලකුණු සටහන පහතින් දැක්වේ.
https://es.pn/3LAZjKT
