උපරිමය දෙන්නට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පැරිස් යති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 25, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව නියෝජනය කරන මලල ක්‍රීඩක කණ්ඩායම පැරිස් නුවර බලා පිටත්ව ගියේ ඊයේ රාත්‍රියේදී ය.තිදෙනාම හොඳ යහපත් සෞඛය තත්ත්වයෙන් පසු වන්නේය.ඔවුන්ට ලෝක මට්ටමේ සම තැන් ගන්නට කළ යුතුව ඇති හොඳම දේ තමන්ට තමන්වම පරාජය කර ගැනීමය.ජිවතයේ ඉහළම තරගකරුවන් මුණ ගැසෙන මොහොත ඔවුන් අත් නොහරිනු ඇත.පළමුව තමන්ගේ උපරිමය පෙන්වීමට ලැබෙන හොඳම අවස්ථාව ඔවුන් මඟ නොහරිනු ඇත.ඒ හොඳම අවස්ථාව යනු තමන් මෙතෙක් ජීවිතයේ වාර්තා කළ දක්ෂතාවයට වඩා ඉහළට යා හැකි සහ ජාත්‍යන්තරයේ සිටියාට වඩා ඉහළ තත්ත්වයක්ය.


මේ වන විටත් සෙසු ක්‍රීඩා සඳහා තේරුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැරිසියට ගොස් පුහුණුවීම් ආරම්භ කර ඇත.වඩාත් ඉහළ දක්ෂතා සහිත මලල ක්‍රීඩක කණ්ඩායමට එතරම් අවස්ථාවන් නොලැබෙනු ඇත.එහෙත් අගෝස්තු 2 වන දා තරග පැවත්වෙන්නට පෙර තමන්ගේ පුහුණු වැඩ සටහන් සහ සැළසුම් ක්‍රියාත්මක කරන්නටත්,තරගාවලිය සැකසී තිබෙන පහසුකම් සහ තාක්ෂණික පරිසරයත් හුරු කර ගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත.


හොඳම දේ කරන්න,හොඳම දේ ලැබෙනු ඇත.සමහර විට එය පදක්කමක් වීමට ද හැකිය.අපි බලාපොරොත්තු සහගතව බලා සිටින්නෙමු.මේ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනයට කරන්නට පැරිස් යන සුදුසුම සහ හොඳම පිරිස ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් බව අපි හොඳින් දනිමු.හදවතින්ම අපි ඔවුන්ට සුබ පතන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...