පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් මේ වසර තුළ අසාදු ලේඛනයට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ (LNW):

මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව, පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ පැවසුවේය.

යම් වාහනයක් අහිතකර ලෙස දුම් පිටකරමින් මාර්ගයේ ධාවනය වන්නේ නම් 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකර විස්තර ලබාදෙන ලෙසත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

“මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හඳුන්වා දුන්නා වට්ස්ඇප් දුරකථන අංකයක් ජනතා සහභාගීත්වය තහවුරු කරන්න. අධික දුම් පිටවෙන වාහනයක් යනවා නම් ස්ථානය, වේලාව, දිනය සහ වාහන අංකය සඳහන් කර වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් ලබාදෙන්න කියලා. එවිට අදාළ වාහනහිමියන්ට කැඳවීමක් කරනවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යලයකට ගෙනත් පෙන්වන්න කියලා. එතැනදීත් ප්‍රතිචාර නැත්නම් වාහනය අසාදු ලේඛනගත වෙනවා. පසුගිය වසරේ 1800ක් විතර පැමිණිලි ලැබුණා. ඉන් කැඳවීම් කරලා අවසාන වශයෙන් අසාදු ලේඛනගත කළේ 200ක් වගේ. මේ අවුරුද්දේ 517ක් තොරතුරු ලැබිලා තියෙනවා එයින් 93ක් පමණ අසාදු ලේඛන ගත කළා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වය යළි වෙනස් වෙයි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

තෙල් සංස්ථාවේ ලාබය අඩුවීම : මේ ලාබත් සැබෑ ලාබ නොවේ !

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (තෙල් සංස්ථාව) විසින් මෙම...

පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට ආශිර්වාද දුන්නේ දේශපාලන නායකයො. අපි ඇවිත් මේක නතර කළා – ඇමති රත්න

සටහන - රුවන් නෙළුගොල්ල දැන් මේ රටේ ස්ථාපිතව ඇත්තේ මත්ද්‍රව්‍ය...