මැතිවරණයට බාධා වන උත්සව සහ වැඩසටහන් 30කට ආසන්න ප්‍රමාණයකට තිත!

0
412

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ (LNW):

මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව, නිදහස් මැතිවරණයට බාධා එල්ල කරමින් දේශපාලන මැදිහත්වීමෙන් සංවිධානය කළ උත්සව සහ වැඩසටහන් 30කට ආසන්න ප්‍රමාණයක් නවතා දැමීමට පියවර ගෙන තිබෙන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේය.

ඒ අනුව ඡන්ද දායකයන්ට පත්වීම් ලබාදීමේ සහ භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන් කිහිපයක් එලෙස නවතා දමා තිබෙන බව වාර්තා වේ.