*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ඔම්බුඩ්ස්මන් පුටුවක් විතරද?

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 25, (LNW) කොළඹ :

ක්‍රීඩා අමාත්‍යංශයේ ඔම්බුඩ්ස්මන් පුටුවේ සිටින්නේ පළපුරුදු රාජ්‍ය නිලධාරියෙක් වන චූලානන්ද පෙරේරා ය.ඔහුට මෑත කාලයේ ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට මූල්‍යමය වශයෙන් හානි කළ පුද්ගලයින් ගැනය.සියලු දත්ත සළකා බැලූ ඔම්බුඩ්ස්මන්වරයා ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාට,ලේකම්වරයාට මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ද බලපාන පරිදි යෝජනා නිර්දේශ කර ලිපියක් ඉදිරිපත් කළේය.


එහෙත් ඒ පුටු ඔම්බුඩ්ස්මන් පුටුවට ඇහුංකං දෙන පාටක් නැත.ලංකාවට ලෝක මට්ටමෙන් පවුම් 50000 ක් දඩයක් ගසන මට්ටමේ වැඩක් කළ පරිපාලනයේ සහ ඒ දඩය ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනය සඳහා ලැබෙන මුදලෙන් අඩු කර ගන්නට කියා තමන් විසින් රගර් වෙත කළ වරද රගර්වලින්ම වන්දි ලෙස ගෙවෙන්නට සැළසුම් කළ නිහීන තීරණය ගත් පරිපාලනයේ ලේකම්වරයා රගර් පහසුකම් සපයන්නා ලෙස ආරක්ෂා කරමින් සිටියි.


අමාත්‍යවරයා බොහෝ විට අදහස් දක්වන්නේ ඔහුට ලැබෙන්නේ නිවැරදිම තොරතුරු සහ තරු මට්ටමේ උපදෙස් බව සිතා අනිත් අය වැරදි තොරතුරු දෙන බව සිතාය.ඒත් සමහර අය සිටින්නේ තරු මට්ටමේ නොව හොරු මට්ටමේ බව ඔහු තේරුම් නොගතහොත් ක්‍රීඩාව රොෂාන් රණසිංහ පන්නයේ අඥාන සහ උද්ධච්ඡ පන්නයේ පරිපාලනයකින් විනාශය කරා යමින් සිටි අවස්ථාව ගලවා ගත් ආකාරයෙන්ම ඔහුටද සිඳුවන්නේ ක්‍රිඩාව පසුපසට තල්ලු කළ ඇමතිවරයෙක්ගේ ඩස්පිනයටම වැටෙන්නටය.
අමාත්‍යවරයා ද රගර් ලෝලියෙකි.ක්‍රීඩා කළ අයෙකි.ඒ නිසා ඔහු රගර් සමාජය හඳුනන්නේය.මේ නිසා සමහර විට ඔහු තමන්ගේ විශ්වාසයට රගර්වල උවමනාවට වඩා බැදී සිටින්නට හැකිය.රගර් ව්‍යවස්ථාව වෙනස්වීම ලෝක මට්ටමේ උවමනාවක් බව අමාත්‍යවරයා පවසයි.එය අමාත්‍යවරයාගේ පැත්තට බර වැටෙන යෝජනාවක්නම් අමාත්‍යවරයා පැවසිය යුත්තේ රටේ ක්‍රීඩාවේ අනන්‍යතාවය සහ උවමනාව ඊට වඩා වෙනස් එකක් බව නොවේද?


ප්‍රාදේශීය වශයෙන් බලය තිබෙන ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යයතාවය තදින්ම දැනෙමින් සහ දක්ෂයන් ඒ ආකාරයෙන් නිර්මාණය වෙමින් පවතින මොහොතක,රගර්වල පමණක් ප්‍රභූන් ගැවසෙන,අවන්හල් ඇති කොළඹ ක්‍රීඩා සමාජ කිහිපයකට බලය ලියා දෙන සංස්කෘතියක් රගර්වලට පමණක් ඇති කරන්නට අනුමැතිය දෙන්නේ කෙසේද?අමාත්‍යවරයා ලෝක මට්ටමට යෝජනා කළ යුත්තේ ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයේ මේ මොහොතේ අවශ්‍යයතාවය ය.
රගර් ක්‍රීඩාවට මෑත කාලයේ ඒ කාණ්ඩයේ තරගවලට සහ්බාගි වි ඇත්තේ නාමල් රාජපක්ෂගේ කණ්ඩායම සහ මහින්දානන්ද අලුත්ගමගේ ගේ කණ්ඩායම පමණි.අමාත්‍යවරයා ද එකඟ බව පෙන්වමින් වක්‍රව අදහස් දක්වන ක්‍රීඩා සමාජ කිහිපයට අභියෝග වෙන අන්දමට අලුතෙන් රගර් හී නැගිටීමක් සිඳු නොවන්නට මේ වන විටත් එම ක්‍රීඩා සමාජ සිය ආධිපත්‍යය මෙහෙයවමින් ඇත.


මේ වන විට මැද පෙරදිගද රගර් ක්‍රීඩාවට අන්තර්ජාතික වශයෙන් සම්බන්ධ ක්‍රීඩා සමාජයක් ශ්‍රී ලංකාවේ බී කොටසේ සූරයන්ව ඇත.ඔවුන් දිගින් දිගටම පළමු පෙළ සඳහා ඉල්ලීම් කරමින් ඇත.ඔවුන් සිය ක්‍රීඩා සමාජය හරහා වෘත්තිමය ලෙස ක්‍රීඩා කරන්නට ක්‍රීඩකයන්ද කැඳවා පාසල්වලින් වසරකට එළියට එන තරුණ ක්‍රිඩකයන් වැඩි පිරිසකට අවස්ථාව ලැබීම පුළුල් කරන්නටද සූදානම් වී ඇත.එහෙත් පළමු කාණ්ඩයේ අන්තිමට ආවත් මේ සම්ප්‍රදායික ප්‍රභූන් ගැවසෙන අවන්හල් සහිත ක්‍රීඩා සමාජ පළමු කාණ්ඩයේ ය.ඔවුන් ක්‍රීඩා කරන්නේ බොහෝ විට පළමු පෙළ පමණි.ව්‍යාප්තියට සහ ක්‍රීඩාව ප්‍රවර්ධනයට සූදානම් නැත.
ලෝකය තමන්ට බලපෑම් කරන කොට රටේ අවශ්‍යයතාවය කියා තරග රටාව පවා වෙනස් කළ යුතුය.අලුත් ගස්වලට වැඩෙන්න ඉඩ දිය යුතුය.පළමු පෙළ අවසාන කණ්ඩායම එළියට ගොස් දෙවන පෙළ පළමු කණ්ඩායම එළියට එන ක්‍රමයක් තුළ කාණ්ඩ දෙක තුළම ඉහළ මට්ටමක් පවත්වා ගන්නට ලැබෙන අවස්ථාව සැළකිල්ලට ගත යුතුය.ක්‍රීඩාව දියුණු වෙන්නේ ඒ ආකාරයටය.රටක ක්‍රීඩාවේ ප්‍රතිපත්තිමය වශයෙන් ගනු ලබන ජාතික සැළසුම්වලදී ඊට ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීම ලෝක සම්මේලනයක් සිඳු නොකරන්නේය.ඒවා තාර්කිකව සාකච්ඡා කළ හැකිය.අමාත්‍යංශය ඉදිරිපත් කරන කාරණා මත පිහිටා ලෝක සම්මේලනය ලංකාවේ ක්‍රීඩාව අධීක්ෂණය කර අවශ්‍යය ආකාරයට ව්‍යවස්ථාව සකසා දෙන්නටද මැදිහත් වනු ඇත.දැනට තිබෙන්නෙත් ශ්‍රි ලංකාවේ ක්‍රීඩාවේ සංවර්ධන අවශ්‍යයතාවය සළකා සකස් කළ බලය ක්‍රීඩා සමාජ කිහිපයක ආධිපත්‍යයට පිටට විහිදි ව්‍යවස්ථාවක්ය.එය තව දුරටත් කාලයත් සමඟ විහිදිය යුතු වුවත් දැන් උත්සාහ කර තිබෙන්නේ හකුලා දමන්නටය.


මේවා ලෝක මට්ටමේ කූට සැළසුම්ය.රටට රගර් නායකයෙක් වූ ඇමතිවරයෙක් කළේ ඔම්බුඩ්ස්මන්වරයාගේ ලිපියේ නිර්දේශවලට අනුව සැකයට සහ පරීක්ෂණවලට භාජනය විය යුතු නිලධාරීන් සමඟ එක්ව ලංකාවේ රගර් ආසියානු සභාපතිවරයාගේ සපත්තුවට පාගන්නට ඉඩදීමය.ලංකාවේ රගර් ව්‍යහුයේ ස්වාධීනත්වය සහ අභිමානය වෙනුවෙන් සෘජුව පෙනී සිටි සභාපතිවරයාට ගෙදර යන්නට පාර කැපීමය.එහෙත් ලංකාවේ ඇමතිවරු,ආසියානු සභාපතිවරු සහ ඔවුන්ගේ ඔඩොක්කු කුක්කන් ලංකාවේ ක්‍රීඩකයින් ආසියානු තරගාවලියෙන්ද අතු ගා දමන්නට සූදානම් වෙද්දී ආසියානු ඔලිම්පික් සංගමය මැදිහත්ව ඒ උත්සාහය වළකා දැමුවේ ආසියානු ඔලිම්පික් කමිටුවට අවශ්‍යය විදිහට වැඩ නොකළොත් ආසියානු තරගාවලියට රගර් ඇතුළත් කරන්නේද,නොකරන්නේ ද යන තීරණයද ඇත්තේ ආසියානු රගර් පරිපාලනයට නොව ආසියානු ඔලිම්පික් සංගමයට බව සිහිපත් කරමින්ය.


එහෙත් ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු සහ නිලධාරීන් ඒ මොහොතේදීවත් ආසියානු සභාපතිගේ ඔඩොක්කුවෙන් බැස්සේ නැත.දැන් නැවතත් රගර් හිතෛෂී ඇමතිවරයෙක් ඉදිරියේ ඇති අභියෝගය වී ඇත්තේ රගර් සම්බන්ධයෙන් ලෝක සම්මේලනය,ආසියානු සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ආදි සංවිධාන ව්‍යහුයන් සමඟ එක්ව අලුත් ව්‍යවස්තාවක් සැකසීමය.ඒ සඳහා අමාත්‍යවරයාගේම කමිටු නියෝජනයක සිටින ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් ද සම්පත්දායකයෙකු කර ගැනීමට අවස්ථාව ඇත.
ඇත්තටම මේ මොහොතේදී කල්පනා කළ යුතු වන්නේ ඔම්බුඩ්ස්මන්වරයා යෝජනා කළ පරිදි ශ්‍රී ලංකා රගර් මූල්‍ය ගණුදෙනුවලදී හැසිරෙන ආකාරය ව්‍යවස්ථාවෙන්ම සම්මත කර ගැනීමය.පුද්ගල චරිතවලට තනතුර යොදාගෙන ශ්‍රී ලංකා රගර් ණය කිරීමේ ව්‍යාපෘති දියත් කරන්නට ඉඩ නොදීමය.එසේම දෙවන පෙළ සහ පළමු පෙළ ශක්තිමත් වන ආකාරයට සහ ක්‍රීඩාවේ තත්ත්වය ඉහළ යන ආකාරයට ඒ කණ්ඩායම්වලට ඉහළ යා හැකි සහ පහළට වැටිය හැකි තරගකාරී පරිසරයක් නිර්මාණය කිරීමය.මේ දක්වා වැරදි තීරණ ගෙන ශ්‍රී ලංකා රගර් සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් දඬුවම් පනවන්නට පාදක වූ තීරණ ගත් නිලධාරීන්,එම මුදල් තමන්ගේ වරදින් ශ්‍රී රගර්වල සංවර්ධනයට බාධා වන ආකාරයට ලංකාවට ලැබෙන සංවර්ධන මුදලින් අඩු කරන්නට තීරණ ගත පරිපාලනයට යම් දඬුවමක් දීමය.


මේ සියල්ල කිරීමට සහ ලෝකය එක්ක කතා කිරීමට ජාතික ඔලිම්පික් කමිටු සභාපති වැන්නන්ගේ සහය ලබා ගන්නටද හැකියාව ඇත.ඒ නිසා ලෝක සම්මේලනය කිව්වා කියා කළබලයෙන් ලංකාවේ රගර් ප්‍රභූන් ගැවසෙන අවන්හල් කිහිපයක පාලනයට යටත් කිරීමේ කූඨ සැළසුම්වල සිරකාරයෙක් වෙන්නට අමාත්‍යවරයා යා යුතු නැත.රටේ ඇමති ලෙස තමන් කිසිම ආකාරයකින් ලෝකයා කිව්වා කියා විනාශකාරී තීරණවලට එකඟ විය යුතු නැත.ලෝකයට රටේ යහපත වෙනුවෙන් සහ රටේ ක්‍රීඩාව ගමට අරගෙන යාමේ අවශ්‍යයතාවය පදනම් වූ ප්‍රතිපත්ති මත සිට කතා කළ හැකිය.


වසරකට රටේ ප්‍රධාන ක්‍රීඩා ඉසව් දෙකකට සහභාගිවීමෙන් ක්‍රීඩාවට ඉහළම දේ කරනවා ද,සෑම මට්ටකම විශාල ආර්ථික ශක්තියක්ද නැතුව දුශ්කරතා දරාගෙන ක්‍රිඩා කරන පිරිසගේ බලය සහ පහසුකම් සංවර්ධනය කර ඔවුන් අතරින් ජාතික තලයට දක්ෂයන් හඳුනා ගන්නට තියෙන ඉඩ පුළුල් කරනවාද යන්න අමාත්‍යවරයා තීරණය කළ යුතුයි.ඇත්තටම ක්‍රීඩා අමාත්‍යවරයා වෙනස් වී නොපැමිණියානම් මේ මොහොතේ සිඳුවන ඔලිම්පික් නියෝජනයද සිඳු නොවන්නට තිබුණ බව අපි පිළිගනිමු.එය අගය කරන්නෙමු.එහෙත් කුමන හෝ අන්ධබාවයක ඇලී ඔම්බුඩ්ස්මන් තනතුර ද පුටුවක් පමණක් කර ඔහුගේ යෝජනා ද නොසළකා හැරීමනම් ඉවසන්නට අමාරුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan