ශ්‍රී ලංකාව එංගලන්තයට

Date:

නිශ්මං රණසිංහ ජූලි 25, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එළැඹෙන වසරේ සැප්තැම්බර් මාසයේ දී එංගලන්තයේ දී විස්සයි විස්ස සහ එක්දින තරගාවලියකට සහභාගි වීමට අවස්ථාව උදා වී ඇත.මේ වන විටත් එම තරග සම්බන්ධයෙන් වන තරග කාල සටහන ද නිකුත් වී ඇත.


මේ වන විට අද පටන් වසරක් ඉක්ම ගොස් ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ද බොහෝ වෙනස්කම් සිඳු වී තිබෙන්නට ඉඩ ඇත.කාලය සමඟ කරන ඒ වෙනස්කම් එංගලන්තයට ද පොදුය.විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාස කරන පරිදි ඒ වන විට වෙනස්කම් අවශ්‍යය පරිදි සිඳුව තිබුණොත් විශේෂයෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ සංයුතිය බොහෝ දුරට වෙනස් විය හැකිය.
නව පුහුණුකරුවෙකු යටතේ වේගයෙන් පහර දීමේ කලාව ප්‍රගුණ කිරීමද මෑත කාලීනව සිඳු වූ අතර එම තත්ත්වය ද එහිදි සහයට ගනු ඇත.කෙසේ වුව ද ශ්‍රී ලංකාව සතුව පන්දු යැවීමේ අංශයේදී මෙන්ම පිතිකරණයේදී ද දස්කම් දක්වන තුන් ඉරියව් ක්‍රීඩකයන් සොයා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත.


එසේම ඇතැම් ක්‍රීඩකයින්ගේ ශරීරවල ස්ථූලභාවයක් දැකීමට ඇති අතර පන්දුව කරා දීවීමේදී ද ඒ නිසා අතපසුවීම් සිඳුවන අතර පන්දු රැකීමට මෙන්ම ඊට සුදුසු පරිදි වේගවත්ව ක්‍රියා කළ හැකි ශරීරයක් නඩත්තු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම ද වැදගත්ය.සමහර විට එම ශරීරවල අනවශ්‍යය මහතම ආබාධ කෙරෙහි ක්‍රීඩකයින් ගොදුරු කර ගැනීමට ද හේතු විය හැකි නිසා ක්‍රිකට් තේරීම් කමිටුව මෙන්ම කණ්ඩායම පාලනය කිරීමට පත් කළ ඇති පිරිස් ද ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ නිරන්රයෙන් සාකච්ඡා කළ යුතු මාතෘකාවක් බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ යෝග්‍යතාවය වෙනුවෙන් කටයුතු කිරිමේ ක්‍රියාවලිය මාතෘකාවක් බවට පත්වෙමින් ඇත.
පහතින් දැක්වෙන්නේ එංගලන්ත සංචාරය සම්බන්ධයෙන් නිකුත් වී ඇති තරග කාලසටහනය.

සැප්තැම්බර් 15 වන දින පළමු විස්සයි20 තරගය සවුත්හැම්ප්ටන් සවස 6.30
සැප්තැම්බර් 17 වන දින දෙවන විස්සයි20 තරගය කාඩිෆ් සවස 6.30
සැප්තැම්බර් 19 වන දින තෙවන විස්සයි20 තරගය මැන්චෙස්ටර් (වේලාව ඉදිරියේදී තහවුරු කරනු ඇත)
සැප්තැම්බර් 22 වන දින පළමු එක්දින තරගය ඩර්හැම් දහවල් 12:30
සැප්තැම්බර් 24 වන දින දෙවන එක්දින තරගය ලීඩ්ස් දහවල් 12:30
සැප්තැම්බර් 27 වන දින තෙවන එක්දින තරගය ලන්ඩන් පෙ.ව. 10:30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට එදත් අදත් හිටියේ ටිල්වින් අයියා විතරයි ….!

ජනතා විමුක්ති පෙරමුණට කාලයක් තිස්සේ ආධාර කරන, පක්ෂයේ ඉහළ...

රනිල් කළේ කුමක්ද ?

රනිල් අරගලයෙන් පස්සේ බලය ගත්ත එක සහ එම බලය...

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්...