සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක අවසානයක් ලබා දෙමින් Movies, music, weekend events, Netflix, games ආදී විශේෂාංග ගොන්නක් කවර් කර ගැනීමට හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!
සටහන – පුලී
ජූලි 25, කොළඹ (LNW): “Fun Friday” මෙවර ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ජෝන් වික් ගේ නවතම පරිච්ඡේදය වන Ballerina, පළිගැනීම සිය ඉන්ධනය කරගත් කතා මාලාවක් වටා දිවේ.

Len Wiseman විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ Shay hatten විසින් රචනා කරන ලද මෙම 2025 ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටය ජෝන් වික් හි පස්වන නිල කතා මාලාව ලෙස සැලකේ.
මෙහි ප්‍රධාන ජවනිකාව Ana de Armas විසින් නිරූපණය කරන අතර තම පියා අහිමි ව ඊට පළි දරන්නියක ලෙස ඇය චරිතය නිරූපණය කරයි. මේ අතර ඇන්ජලිකා හස්ටන්, ගේබ්‍රියෙල් බයර්න්, ලාන්ස් රෙඩික්, නෝමන් රීඩස්, ඉයන් මැක්ෂේන් සහ කීනු රීව්ස් අනෙකුත් චරිතාංග ඔස්සේ Ballerina වර්ණවත් කරනු ඇත.
අද Ballerina මගේ ඇහෙන්;
Ballerina හි කතාව Eve (Ana de Armas) වටා දිවෙයි, ඇය කුඩා කාලයේදී ඇගේ පියා කුරිරු ලෙස ඝාතනය කිරීමෙන් පසු කණ්ඩායමකට එක්ව නැගී එන ඝාතකයෙක් ලෙස මූලාරම්භය ගනී. ඇගේ පුහුණුවේ කොටසක් ලෙස, Eve බැලේ නර්තන ශිල්පිනියක් ලෙස පුහුණුව ලබන අතර සටන් කලාවන්, වෙඩි තබන ආකාරය සහ ආරක්ෂා වීමේ ආකාරය පිළිබඳව ද ඉගෙන ගනී. තම පියා මරා දැමූ කණ්ඩායම සමඟ අහඹු හමුවීමක් සියල්ල උඩු යටිකුරු කරන තෙක්, මෙම ඝාතකයින්ගේ ලීගයේ ජීවිතයක් ගොඩනඟා ගැනීමට Eve සැහැල්ලු ගමනක් ආරම්භ කරමින් සිටින්නට විය.

කතාංගයක් ලෙස Ballerina පෙර පැමිණි චිත්‍රපට මෙන් දෘශ්‍ය ශෛලියේ ඌනතාවයෙන් පෙළෙන්නේ නැත. වර්තමානයේ පවතින භයානක ලෝකයට නව පණක් දීමට Ballerina නවමු සිනමාකරණයක් ප්‍රේක්ෂකයාට ලබා දී තිබීම සතුටකි. එලෙසම, සටනක් වුව ද ගැහැණියක් වශයෙන් මල් උඩ දුවන බාර්බි කෙනෙකු නොපෙන්වා කුරිරු සහ චිත්‍රක වශයෙන් තීව්‍ර කර තිබීම චිත්‍රපටයේ රහ තවත් නංවයි. Ana de Armas ඇගේම අද්විතීය සටන් භ්‍රමණය තුළින් චිත්‍රපටයට නව පණක් ගෙන එයි, එය නැරඹීමට සිත් ඇදගන්නා සුළුය.
ඕනෑම කතාවක වගේ Ballerina තුළත් ඇති අඩුපාඩුවක් පෙන්වා දීම කිරීමට මට ද අයිතියක් ඇත. එනම් කතාවේ වැඩි කොටසක් කඩිමුඩියේ ඇති බවක් දැනීමයි. එහෙන් එනවා මෙහෙන් ගහනවා එකපාරටම තාත්තගේ මරණයට වගකිවයුතු අය එනවා ඒ අතර සහෝදරිය හම්බෙනවා. මේ ඔක්කෝම එකිනෙකට හරි කඩිමුඩියේ වෙන කණට ගහනවා වගේ සිදුවීම් ය. කතාව තුළ හෙළිදරව් කිරීම් ඉහළ මට්ටමක පැවතියද, ඒවා නිසි ලෙස උකහා ගත් බවක් දැනුනේ නැත. නමුත් කතාවම පැත්තක හිඳ බැලූ කළ සාර්ථකත්වයක් ලැබූ නිර්මාණයක් බව කිව යුතුය.
සමස්තයක් ලෙස කාන්තා නායකත්වයෙන් යුත් ක්‍රියාදාම චිත්‍රපටයක් පිළිබඳව ජනතාව තුළ ඇති පැකිලීම ඇතුළු හේතු කිහිපයක් නිසා බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලන්නට Ballerina අසීරු මට්ටමක පවතී. එයට චිත්‍රපටයට ඇනුම් පද කියා තේරුමක් නොමැත. එය සමාජීය ඔලුගෙඩි පිරිමි මූලික සමාජ පන්නරයෙන් සැකසෙමින් ආත්ම ගණන් පැවතීගෙන එන නිසාය. තවත් අතකින් Keanu Reeves නිසා ෆ්‍රැන්චයිස් ජනප්‍රිය වූ අතර, ඔහුගෙන් චිත්‍රපටයට වූ අඩු දායකත්වය ද රසිකයන් කලබලයට පත් කරන්නට ඇත. අනෙක් අතට, සිනමාහල්වල චිත්‍රපට කිහිපයක් ධාවනය වීම සහ එකිනෙකාගේ රස භාවයක් එකිනෙකට වෙනස් වීම ද මීට තදින්ම බලපානු ඇත.






(Photos: Internet)