ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දකින තරගාවලිය…

Date:

නිශ්මං රණසිංහ ජූලි 25, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙහෙයවන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් සකස්වෙන අවුරුදු 19 න් පහළ කාන්තා විස්සයි විස්ස තරගාවලිය ජූලි 21 දා ආරම්භ වුණා.අනාගත ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් වැදගත් ආයෝජනයක් වන මෙම තරගාවලියට එම වයස් කාණ්ඩ යටතේ දක්ෂතා දක්වා තිබෙන ක්‍රීඩිකාවන් එක් කර දඹුල්ල,ගාල්ල,කොළම සහ මහනුවර ලෙස කණ්ඩායම් හතරකට බෙදා ලීග් ක්‍රමයකට මේ තරගාවලිය ක්‍රියාත්මක වෙනවා.


ජූලි 29 වන දා නිමාවට පත්වීමට නියමිත මෙම තරගාවලියේ ජූලි 21 සිට 25 වන දා දක්වා පැවති තරගවලදී කණ්ඩායම් එකිනෙකා අභිබවමින් තරගාවලිය තුළ සටන් වඳිමින් සිටින බවක් පෙනෙනවා.මේ දක්වා ජයග්‍රහණයකට පිවිසෙන්නට අපොහොසත් වූ කණ්ඩායමකට සිටින්නේ මහනුවර කණ්ඩායම පමණයි.


මේ අතරින් කොළඹ කණ්ඩායම තරග 4 ක් නිමාවේ ජයග්‍රහණ දෙකක්,ජය පරාජයෙන් තොර තරගයක් සහ එක් පරාජයක් සහිතව ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබෙනවා.ගාල්ල කණ්ඩායම තරග තුනකදී ජයග්‍රහණ දෙකක් සහ එක් පරාජයක් ද,දඹුල්ල කණ්ඩායම ද එවැනිම තත්ත්වයකද පසු වුව ද ලකුණු ලබා ගැනීමේ වේගය සළකා බලද්දී ගාල්ල කණ්ඩායම මදක් ඉදිරියෙන් පසුවෙනවා.
පහත සඳහන් සබැඳියෙන් සජීවී ලකුණු සටහනට පිවිසීමට හැකියාව ඇති අතර මේ සමඟ තරගාවලියේ සමස්ත තරග කාල සටහන දක්වා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...