මාස තුනකට පසු ජනාධිපති කාර්යාලය අද සිට යළි වැඩ අරඹයි

0
535

ජනාධිපති ලේකම් කාර්යාලය අද (25) සිට යළිත් රාජකාරි කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ, මාස තුනකට අධික කාලයකට පසුව ය.

පසුගිය අප්‍රේල් මාසයේදී අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අවහිර කළ අතර ජුලි 09 වනදා ඔවුන් විසින් එම කාර්යාල පරිශ්‍රය අත්පත් කරගන්නා ලදී.

පසුව ජුලි 22 වනදා ආරක්ෂක අංශ විසින් එය නැවතත් රජයේ භාරයට ගනු ලැබිණි.

RN