කවිඳුගේ සහ අදීශගේ තැන් අන්තිම මොහොතේ ඉරෝෂන්ට සහ රමේෂ්ට

0
697

අලුත් ක්‍රියාමාර්ග ගණනාවක් හරහා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සූදානම් කළ ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික රගර් කණ්ඩායමේ කවිඳු පෙරේරාට සහ අදීශ වීරතුංගට අවසාන මොහොතේදී කණ්ඩායමෙන් ඉවත් වෙන්නට සිදුවී තිබෙනවා.ඒ කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබෙන බව ඒ සම්බන්ධ පරීක්ෂණවලදී අනාවරණය වීම නිසයි.

ඒ වෙනුවට කණ්ඩායමේ ස්ථානය හිමි වී තිබෙන්නේ ඉරෝෂන් සිල්වාට සහ රමේෂ් ප්‍රනාන්දුටයි.එම දෙදෙනා පිළිවෙලින් පොලිස් ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් වන අතර කොවිඩ් තත්ත්වය නිසා ස්ථානය අහිමි වූ කවිඳු පෙරේරා මහනුවර ක්‍රීඩා සමාජයෙන් ජාතික කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයෙක්.අදීශ නියෝජනය කරන්නේ නාවික හමුදා ක්‍රීඩා සමාජයයි.

RM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here