ඕස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් අනු ප්‍රභේදයක් වාර්ථාගත ලෙස ඉහළ යයි. ආසාධිත පුද්ගලයන් ගණන 5,450 ඉක්මවයි.

Date:

ඕස්ට්‍රේලියාවේ නිල දත්ත තොරතුරු වාර්තාවන්ට අනුව අද (25) දින වන විට ඔමික්‍රෝන් අනු ප්‍රභේදයක් වාර්ථාගත ලෙස ඉහළ යමින් තිබේ. මෙම අනු ප්‍රභේදය ආසාධනය වීමෙන් රෝහල්ගත කරන ලද රෝගීන් සංඛ්‍යාව 5,450 ලෙස වාර්තා වේ. ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂණ සේවාව විසින් නිවේදනය කර තිබුණේ රෝග කාරක ආසාධිතයන් රට පුරා ව්‍යාප්තව ඇති බවයි.

ජනවාරි මස ඇරඹි ඔමික්‍රෝනි පළමු රැල්ලට සාපේක්ෂව ආසාධිතයන් සංඛ්‍යාව වැඩි වී ඇති අතර දෛනික මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. පසුගිය සෙනසුරාදා(23) දිනය තුළදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 100කි.

රජය විසින් වාර්තාකර තිබුණේ වැඩිහිටි ප්‍රජාව අතර මෙය පැතිරීමේ අවධානයඅවධානම වැඩි බවයි.
ඕස්ට්‍රේලියාවේවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රකාශ කර තිබුණේ මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි සේවක පිරිස්හටද රෝගය ආසාධනය වීම හා ආසාධිත පුද්ගලයන්ගේ ආශ්‍රය හේතුවෙන් හුදකලා වීම පවතින අතර මෙය පවතින තත්වය තවත් නරක අතට හැරවීමටසමත් බවයි.

දකුණු දිග ශීත සෘතුව ආරම්භ වීමත් සමඟ කොවිඩ්-19 හා ඉන්ෆුවෙන්සා වෛරසය පැතිරීම ආරම්භ වූ අතර සෞඛ්‍ය අංශ බලධාරීන් ප්‍රකාශ කරනු ලැබුවේ නිවසේ සිට සිය රැකියා කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරන ලෙසත් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසත්ය. ඕස්ට්‍රේලියාව යනු කොරෝනා මාත්‍රා දෙකම ඉතාම සාර්ථකව ලබා දුන් රටවලින් එකක් වන අතර මේ වන විට එහි වයස අවුරුදු 16ට වැඩි 95% පමණ පිරිසක් මාත්‍රා දෙකම ලබාගෙන ඇත.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සමස්ත කොවිඩ් -19 ආසාධනයව ඇති ප්‍රමාණය මිලියන 9.13 ක් වන අතර ඉන් වාර්තා වන ලද මරණ සංඛ්‍යාව 11,181 කි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ පරාජයෙන් පසු සජබෙන් ඇමති වටගලට වටකර පහරදීමේ මෙහෙයුමක්

කොළඹ මහ නගර සභාවේ බලය අල්ලා ගැනීමට නොහැකි වීමෙන්...

කොළඹ කොටස් වෙළඳපොලට දින 4 කදී බිලියන 202 ක් අහිමි වෙයි !

පිටපිට සිව්වැනි දිනටත් කොළඹ කොටස් වෙළඳපොලේ පසුබෑමක් ඊයේ (18)...

සෝමවංශ වංශකතාව ….

88 - 89 සන්නද්ධ අරගලය සමූල ඝාතනය වූ පසු...

වැලිවිටිය දිවිතුර සභාවේ බලය පොහොට්ටුවට

ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී...