වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට අධිකරණ නියෝගයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින්, වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට අද (25) දිනයේ කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින්  නියෝගයක් නිකුත් කර ඇත.

එම නියෝගය වන්නේ,  අද (25) උදෑසන 9 සිට සවස 6 දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මුලස්ථානය, කොටුව දුම්රිය ස්ථානය සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවතට එම වෘත්තීය සමිති සාමාජිකයින්ට ඇතුළුවීම තහනම් වේ.

කොටුව අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත්තේ , CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වට රවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ද යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතම් වීදිය, මුදලිගේ මාවත, බාරොන් ජයතිලක මාවත, පොලිස් මුලස්ථානය ඉදිරිපිට, බාලදක්ෂ මාවත, වෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වට රවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ද ඇතුළවීමෙන් වළකින ලෙසත් පොදු හා පුද්ගලික දේපළවලට හානි නොකරන ලෙසත්ය.

එම නියෝග නිකුත් කර ඇත්තේ ,

*සමීර අල්විල් – බැංකු හා මුල්‍ය සංසදයේ ක්‍රියාකාරි
* නිරෝෂන් ගොරකානාගේ – සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම්
*විජයතිලක ජයසිරි – අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතියේ සභාපති
*සමීර පතිරණ – ලංකා විදුලි සේවක සංගමයේ උප සභාපති
*උදයංග හෙට්ටිආරච්චි – ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක
*ඩී.පි. ජයවර්ධන –  ජල සම්පාදන හා ජල ප්‍රවාහන සේවක සංගමයේ උපසභාපති
*ගාමිණි රත්නායක – වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
*අනුර නයනාන්ද – අන්තර් සමාගම් සේවක සංගමයේ බියගම කලාප සංවිධායක
*මංජුල සිරිසෝම – රාජ්‍ය ඉංජිනේරු සේවා සංගමයේ සභාපති
*අසංක සංජීව – සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ උපලේකම්

යන අය සඳහායි

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...

ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...