රුවිතෙට යන ජය ශ්‍රී ලගේ ‘රුවිතේ’ – මේ සිකුරාදා එළිදකී

Date:

ජය ශ්‍රී අයියා මලෝ අලුත් වැඩකට අතගහලා ඉන්න බව පහුගිය සතිය පුරාවටම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණු පුවතක් වුණා. ජය ශ්‍රී ලා මේ ලෑස්ති වෙන්නේ දියමන්ති බිස්නස් එකකට ද නැත්නම් රෙස්ටොරන්ට් එකක් කරන්න ද කියන කතාවත් මේ අතර තිබුණා. මේ කතාව කොයිතරම් දුරදිග ගියාද කිව්වොත් මේ ගැන ෆේස්බුක් ලයිව් ඇවිත් පැහැදිලි කිරීමක් කරන්නත් ජය ශ්‍රී ලට සිද්ධ වුණා. ඇත්තටම, ජය ශ්‍රී ලා මේ කියලා තියෙන්නේ ‘රුවිතේ’ නමින් එන එයාලගේ අලුත් සිංදුව ගැනයි.

මේ ගැන පැහැදිලි කරන ජය ශ්‍රී රෝහිත කියන්නේ,

‘සෑහෙන හාහෝවක් යනවා. ජය ශ්‍රී කියනවා. රුවිතේ කියනවා. මතුවෙන්න කියනවා. බඩු හොඳයි කියනවා. සැරයි කියනවා. ඇත්තටම අපිට කියන්න ඕන, ඕගොල්ලන්ට ගෙස් කරන්න මං දුන්නේ.
මේක සිංදුවක් ද. නැත්නම්, ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට බැහැලද. ජය ශ්‍රී ලගේ වෙනම දෙයක් ද. ඔන්න ඔහොම කියලා. ඉතිං, කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි. අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.’ යන්නයි.

සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණු ජය ශ්‍රී ලගේ රුවිතේ සිංදුව මේ සිකුරාදා හවස 5 ට ජය ශ්‍රී යූ ටියුබ් නාලික‍ාවෙන් එළිදකින්නට නියමිතයි. අමතක නොකර ‘රුවිතේ’ බලන්න.

https://web.facebook.com/watch/?v=6128777597249582
https://web.facebook.com/watch/?v=6128777597249582

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...