සර්වපාක්ෂික සමුළුවට අපි එනවා – සජිත් කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (25) බිබිල මැදගම ජාතික පාසලට බස් රථයක් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වූ අවස්ථාවේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ , ජාතික සංහිඳියාව වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුවට සිය පක්ෂය සම්බන්ධ වන බවයි.

එම සමුළුව හෙට (26) පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, නිදහස ජනතා සභාව නියෝජනය කරන පක්ෂ සහ ජාතික නිදහස් පෙරමුණ මෙම හමුවට සහභාගී වන බව දැනුම් දී තිබේ.

ජාතික ජන බලවේගයේ , ජාතික විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කළේ ඒ සඳහා සහභාගී නොවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...