ශ්‍රී ලාංකික දරුවෙකුට නවසීලන්තයෙන් වීරත්වයේ පදක්කමක්

Date:

පොදුරාජ්‍ය මණ්ඩලීය රටක වසරකදී සිදුකළ විශිෂ්ටතම ජීවිතාරක්ෂක වීර ක්‍රියාවට හිමි ඇගයීම වන මවුන්ට් බැට්න් පදක්කම දිනාගැනීමට නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික දරුවෙකු වූ කල්යා කන්දෙගොඩ ගමගේ සමත්වී තිබේ.

14 හැවිරිදි වියේ පසුවන කල්යා සැලකෙන්නේ මෙම වීරත්ව පදක්කම දිනාගත් ලාබාලතම තැනැත්තා ලෙසය.

පසුගිය වසරේ අගෝස්තු මස 27 වනදා නවසීලන්තයේ සිටින ලාංකික දරුවන් දෙදෙනෙකු වූ කල්යා සහ කිත්මි නවසීලන්තයේ දකුණු දිවයිනේ ගිනිකොන දිග ප්‍රදේශයේ ක්‍රිස්ටෝල්ස් වෙරළ තීරයට ගොස් තිබුණේ පාරු පැදීම සඳහාය.

එහිදී දෙසොහොයුරන් අතරින් වයස අවුරුදු 11ක් වූ බාල කිත්මි නොසිතූ මොහොතක එක්වරම මුහුදට ඇදවැටී තිබේ.

පිහිනීමට දක්ෂයෙකු වූ කිත්මිට මුහුදේ රළු ස්වභාවයත් සමග සටන් කිරීමට නොහැකි වුවත් වැඩිමහල් සොහොයුරු කල්යා වෙරළට පිහිනාවිත් තිබුණි.

සිය සහෝදරයා වෙරළට පැමිණ නොසිටි බව දැනගත් ඔහු යළි වේගයෙන් මුහුදට පිහිනා යන්නේ තමාට යළි ඒමට බැරිවුවත් සිය මල්ලි බේරාගන්නා බවට මවට පවසමිනි.

මුහුදේ ගසාගෙන යමින් සිටි සිය සහෝදරයා වෙත ලංවීමට කල්යාට මීටර 60ක පමණ දුරක් වේගයෙන් පිහිනා යාමට සිදුවී තිබුණි.

කල්යා – “ඔහු මුහුදේ තවත් ඈතට ගසාගෙන යද්දී මට බලාගෙන ඉන්න බැරිවුණා. ඉතින් මම මුහුදට පැන පිහිනා ගොස් පරිශ්‍රමයක් දරා ඔහු නැවත ගොඩබිමට රැගෙන ආවා.”

කිත්මි – “මම ඔහුට ස්තූති කරනවා මාව බේරාගැනීම ගැන.”

කල්යා දැක්වූ මෙම වීරත්වය පසුගියදා රටවල් 56කින් සමන්විත, බිලියන 2.4ක ජනගහණයක් සහිත පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල 2022 වසරේ සිදුවූ කැපී පෙනෙනම වීර ක්‍රියාවට හිමි සම්මානයට පාත්‍ර වුණි.

ඒ අනුව සිය සහෝදරයා බේරාගත් කල්යාට රාජකීය ජීවිතාරක්ෂක සංගමය මවුන්ට් බැට්න් පදක්කම පිරිනමනු ලැබීය.

කල්යා සැලකෙන්නේ මෙම පදක්කම දිනාගත් ලාබාලතම පුද්ගලයා ලෙසය.

උපුටා ගැනීම – ada derana

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...