එක්සත් ජනපදයේ දේශපාලන අවුල් වියවුල් මධ්‍යයේ, නෙතන්යාහු වොෂින්ටනයේ අවදානය දිනා ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද දේශපාලනයේ අවුල් වියවුල් මධ්‍යයේ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු වොෂින්ටන් වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

මෙහිදී ඊශ්‍රායල් අගමැතිවරයා ඉතා උණුසුම්ව පිළිගත් ජනාධිපති ජෝ බයිඩන් ගාසා තිරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම පිළිබඳ විස්තරාත්මකව සාකච්ඡා කර තිබේ.

අනතුරුව ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් හමුවී ඇති අතර එහිදී ඇය වඩාත් තියුණු ප්‍රකාශයන් කිහිපයක්ම කර තිබු අතර පසුගිය මාස නවය පුරා ගාසා තීරයේ සිදු වූ දේ විනාශකාරී බවත්, මියගිය ළමයින්ගේ සහ මංමුලා සහගත කුසගින්නෙන් පෙළෙන මිනිසුන් සමහර විට දෙවන, තුන්වන හෝ හතරවන වතාවට අවතැන්ව ඇති බවත් බිහිසුණු ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධාන ඇය විසින් හෙලා දැක තිබේ. කමලා හැරිස් මෙහිදී වැඩිදුරටත් ඉල්ලා තිබුණේ, පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමටත්, බොහෝ අහිංසක සිවිල් වැසියන්ගේ මරණවලට තුඩු දුන් යුද්ධයක් අවසන් කිරීම සඳහා සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට නෙතන්යාහු සහ හමාස් එකඟ වන ලෙසයි.

කෙසේ නමුත් මෙහිදී කමලා හැරිස්ගේ ප්‍රබල ප්‍රකාශයන්, ඇය නෙතන්යාහු සමඟ ගනුදෙනු කරන ආකාරයන් සම්බන්ධයෙන් එහි ඇති වැදගත්කම ඇතැමුන් ප්‍රශංසා කර තිබු අතර නෙතන්යාහු අද(26)දිනයේදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඔහුගේ මාර්-ඒ-ලාගෝ හි පිහිටි ඔහුගේ නිවසේදී හමුවීමට ද නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...