නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරක්!

0
393

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ (LNW):

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා විදෙස්ගත වීම හේතුවෙන් රුවන් ගුණසේකර මහතාව පත් කර ඇති බවට වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව යළි දිවයිනට පැමිණි පසු නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ඇති බවටයි.