දෙමළ ජන සංහාරයට එරෙහිව යුක්තිය ඉටුකරනු – ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා අදත් යාපනයේ විරෝධතාවක්!(PHOTOS)

Date:

කොළඹ LNW:උතුරු නැගෙනහිර දෙමළ ජන සංහාරයට යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණ යාන්ත්‍රණයක් ඇති කරන ලෙස බල කරමින් අද (26) යාපනය චෙම්මනි හිදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

අතුරුදහන් වුවන්ගේ පවුල්වල ඥාතීන් හා සිවිල් සංවිධාන එක්ව එය සංවිධානය කර තිබුණු අතර මෙය පැවැත්වුණේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ කැණීම් සිදුකරන සමූහ මිනී වල පිහිටි භූමිය ආසන්න ප්‍රදේශයේය.

අතුරුදහන් වූවන් සහ සිය ඥාතීන්ගේ අහිමි වූ ජීවිත වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතු අතර ඒ වෙනුවෙන් ඔවුන් අඛණ්ඩව මැදිහත්වෙන බව එහිදී අවධාරණය කෙරුණි.

ඒ අනුව යුක්තිය පසිඳලීම වෙනුවෙන් ඉල්ලා සිටින ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන යාන්ත්‍රණයට සහය දක්වමින් එහිදී පෙත්සමකටද අත්සන් තැබීය.

මෑතකදී කැණීම් ආරම්භ වූ චෙම්මනි සමූහ මිනී වලේ ඛේදවාචකය සමඟ දෙමළ ජන සංහාරයට අදාළව යුක්තිය ඉල්ලා සිටීමේ අරගලය තවදුරටත් ක්‍රියාකාරී වී තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...

මාස ගණනක් සැඟව සිටි වෙනිසියුලානු නොබෙල් ජයග්‍රාහකයා ඔස්ලෝහිදී මතුවේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...