රටේ අධ්‍යාපනය ගැන ඇත්තම තත්ත්වය මෙන්න – මෙච්චර කාලයකට ජාතික ප්‍රතිපත්තියක් තිබී නැහැ

කොළඹ LNW:වර්තමානය දක්වාම රට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණයවී තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනාවරණය වීම සිදුව ඇත.

මෙහිදී අදහස් දක්වමින් රේඛීය අමාත්‍යාංශයේ සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ අවස්ථා කිහිපයකදී ලබා දී ඇති මගපෙන්වීම අනුව කටයුතු කළද මෙරට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් මේ වන විටත් නොමැති බවයි.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විවිධ අවස්ථාවල අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ නිර්දේශ ලබා දී ඇති නමුත් ඒවායින් ඇතැම් නිර්දේශ පමණක් ක්‍රියාත්මක වී ඇති බවත් නිලධාරීන් පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙතෙක් පැවති පාලනයන්ගේ මෙම දුර්වලතාව මගහරිමින් හැකි ඉක්මනින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන ලෙස කෝපා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මේ දක්වා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොතිබීම අතිශයින් කණගාටුවට කරුණක් බවද සම්බන්ධයෙන් කෝපා කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දී තිබුණි.

එසේම පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ “ජාතික පාසැල් 1000 ක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන” සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ද එහිදී නිර්දේශ කර තිබේ. මේ අතර “ජාතික පාසැල් 1000 ක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන” සම්බන්ධයෙන් පසුගිය රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සාර්ථක වී නැත.මෙම වැඩසටහන යටතේ පාසල් 23ක් පමණක් ජාතික පාසල් බවට පත් කරමින් මෙම වැඩසටහන අතරමග නැවතී ඇති අතර පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා නාමපුවරු සැකසීම වෙනුවෙන් රු.මිලියන 2.42ක මුදලක් නිෂ්කාර්‍යව වැයකොට ඇති බවත් මෙහිදී අනාවරණය වී ඇත.

මේ නිසා නාම මාත්‍රිකව පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කර තිබේ.

ජාතික අධ්‍යාපන කළමනාකරණතොරතුරු පද්ධතිය (NEMIS) සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමුව ඇති අතර එම දත්ත පද්ධතියේ යාවත්කාලීන තොරතුරු නොමැති හෙයින් ඒ සම්බන්ධයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉක්මණින් කටයුතු කිරීම වැදගත් බව කාරක සභාව පෙන්වා දී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...