වෛද්‍ය හිඟය නිසා රෝහල් පද්ධතියේ අර්බුදයක් පවතිද්දීත් සීමාවාසික පුහුණුව අවසන් කළ 1400 කට පත්වීම් දීලා නෑ – GMOA

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ රෝහල් පද්ධතිය තුළ පවතින වෛද්‍ය හිඟය හේතුවෙන් අර්බුදයක් උද්ගතව තිබියදීත් මීට මාස 9කට පෙර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1400 කට තවමත් පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

“අපි දිගටම කියනවා මේ රටේ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා, ඒ නිසා පද්ධතියට අලුතින් එකතු වන වෛද්‍යවරුන්ට හැකි ඉක්මනින් පත්වීම් ලබාදීලා ඔවුන්ව මේ වෛද්‍ය හිඟය මගහරවා ගැනීම සඳහා යොදාගැනීම අතිශයින්ම වැදගත්. නමුත් දැන් මේ වෙනකොට තමන්ගෙ සීමාවාසික පුහුණුව අවසන් කරපු වෛද්‍යවරුන් 1977ක්, ඒ කියන්නෙ ආසන්න වශයෙන් 2000 කට ආසන්න ප්‍රමාණයක් තාමත් තමන්ගෙ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැතිව, ඒ අනුයුක්ත කිරීම් ලබාගන්න බැරිව, පද්ධතිය ඇතුළෙ රැඳිලා ඉන්නවා. එතනින් 1400ක කණ්ඩායමක් දැන් තමන්ගෙ සීමාවාසික පුහුණුව අවසන් කරලා මාස 9 කට අධික කාලයක් මේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළෙ ඉන්නවා. එක පැත්තකින් ඔවුන්ගෙ කාලය විනාශ වෙන්නෙ. අනිත් පැත්තෙන් ඔවුන්ගේ සේවාව මේ වෙනකොටත් අර්බුදයට පත්වෙලා තියෙන රෝහල් පද්ධතියට ලබාගන්න තියෙන අවස්ථාව තමයි මේ අවහිර වෙමින් තියෙන්නෙ”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (ජුලි 25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : පසුගිය කාලය පුරාවට...

රටේ අධ්‍යාපනය ගැන ඇත්තම තත්ත්වය මෙන්න – මෙච්චර කාලයකට ජාතික ප්‍රතිපත්තියක් තිබී නැහැ

කොළඹ LNW:වර්තමානය දක්වාම රට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්...