බ්‍රෑන්ඩ් නිව් බද්ද ලක්ෂ 55යි, රීකන්ඩිෂන් ලක්ෂ 100යි. BYD ගෙන්වන සමාගමත් කන්ටේනර් වගේ ගේමකද ? – මුජිබර් ප්‍රශ්න කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

BYD බ්‍රෑන්ඩ් නිව් වාහන මෙරටට ආනයනය කිරීමේදී රේගුවෙන් අඩුවෙන් බදු අයකර එම වාහන නිදහස් කිරීමේ ජාවාරමක් සිදුකර ඇත්දැයි බරපතළ සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

“දැන් මේ රටට එනවා BYD කියලා බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. ඒ BYD කියන වාහන ගෙන්වන ආයතනය ගෙන්වනවා ATTO 3 කියලා වාහනයක්. ඒකෙ කිලෝවොට් 100යි කියලා තමයි ගෙන්වන වාහනයේ සඳහන් වෙන්නේ. ඒ බ්‍රෑන්ඩ් නිව් කිලෝවොට් 100 වාහනයට ලක්ෂ 55ක් බදු ගහනවා. ඊළඟට BYD ATTO 3 යූස්ඩ් වාහනය එනවා. ඒ යූස්ඩ් වාහනයට ලක්ෂ 100ක් බදු ගහනවා. නමුත් ඒකෙ තියෙන ප්‍රශ්නය තමයි ඒ යූස්ඩ් වාහනය කිලෝවොට් 150 යි කියලා තමයි ලියාපදිංචි වෙන්නෙ. එතකොට කිලෝවොට් 100 කියලා ලියාපදිංචි වෙනවා බ්‍රෑන්ඩ් නිව් වාහනය. ඒ බ්‍රෑන්ඩ් නිව් වාහනයට ලක්ෂ 55ක් බදු ගැහුවාම අර පාවිච්චි කළ වාහනයට ලක්ෂ 100ක් බදු ගැහුවාම ලක්ෂ 45ක හිඟයක් තියෙනවා බදුවල. අපි දන්නෙ නෑ ඒ වාහන ගෙන්වන ප්‍රධාන සමාගමට ආණ්ඩුවත් එක්ක මොකක්හරි සම්බන්ධයක් තියෙනවාද කියලා අර කන්ටේනර් එළියට ගියා වගේ මේකත් මේ අඩුවෙන් බදු ගහලා එළියට දානවද කියලා. මොකද BYD වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි බැලුවාම ඒකෙ BYD ATTO 3 වාහනය කියලා තියෙන්නෙ කිලෝවොට් 150 යි. කිලෝවොට් 100ක වාහනයක් නෑ. නමුත් වරායෙන් පිටකරනවා බ්‍රෑන්ඩ් නිව් වාහනය කිලෝවොට් 100 යි කියලා, ලක්ෂ 55යි බදු ගහන්නෙ. රීකන්ඩිෂන් වාහනය කිලෝවොට් 150යි, ලක්ෂ 100ක් බදු ගහනවා. ඉතින් කොහොමද එහෙම වෙන්නෙ ? එහෙම වෙන්න විදියක් නෑ”

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පෙරේදා (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (12) දවසේ තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 12) දිනයේදී බස්නාහිර සහ...

රටේ පොඩි දැරියන් සිහින දකින්නේ කවදාහරි ලක්මාලි හේමචන්ද්‍ර වගේ වෙන්නයි – අගමැති හරිනි

පාර්ලිමේන්තුව නරඹන මෙරට කුඩා දැරියන් සිටින දකිමින් සිටින්නේ ලක්මාලි...

වී වගාවේ පිරිවැය අදටත් වැඩියි. ඉහළ අස්වැන්නක් සඳහා නවීන තාක්ෂණය භාවිතා කළ යුතුයි – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන්...

කප්පම් නඩුව : ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රසන්නම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු...