හෙට (27) දින මාලදිවයිනට විශේෂ දිනයක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හෙට (27) දින මාලදිවයිනට විශේෂ දිනයක් වේ.

ඒ, 60 වන නිදහස් දිනය සැමරීමට සූදානමින් සිටින බැවිණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඒ සඳහා පැවැත්වෙන ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව සිය බ්‍රිතාන්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනට පැමිණි බව සඳහන් වේ..

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ඉන්දියා-මාලදිවයිනේ ආරක්ෂක හවුල්කාරිත්වයේ ප්‍රගතිය තක්සේරු කිරීම මෙම සංචාරයේ අරමුණයි.

මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු හමුවීමට ද නියමිතයි.

අගමැති මෝදි සහ ජනාධිපති මුයිසු විසින් ‘පුළුල් ආර්ථික සහ සමුද්‍රීය ආරක්ෂක හවුල්කාරිත්වයක්’ සඳහා වන ඉන්දු-මාලදිවයින ඒකාබද්ධ දැක්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...