ඩඩ්ලි සේනානායක සහ ඩඩ්ලි සිරිසේන

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW:මෙතෙක් සාමාන්‍ය ජනතාව අතර පිළිගැනීම වූයේ අභාවප්‍රාප්ත අගමැති ඩඩ්ලි සේනානායක මහතා බත් දුන් පියා ලෙසය. එතුමාගේ පියා ඩී. ඇස්. සේනානායක මහතා ජාතියේ පියා ලෙසද හැඳින්විය . මෙම ගෞරවනීය පටබැඳි නාමයන් හරිද වැරදිද යන්න නොව මා මෙලෙස සඳහන් කළේ අතීතයේ පැවති තත්ත්වයයි. අතීතයට සාපේක්ෂව මෙය නිවැරදි වන්නත් පුළුවන් වැරදි වන්නත් පුළුවන් .

නමුත් වර්තමානයේ අලුත් බත් දෙන පියකු නියත විවරණ ලබා තිබීම පිළිබඳවය මට සඳහන් කිරීමට අවශ්‍ය වනුයේ. ඔහු අන්කවරකු වත් නොව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතාය. මේ ඩඩ්ලි ඒ ඩඩ්ලි මෙන් නොව කෝටිපතියෙකි. ( ඩඩ්ලි සේනානායක මහතා මියෙන අවස්ථාවේ ඔහුගේ බැංකු පොතේ සිල්ලර කාසි සුළු ප්‍රමාණයක් පමණක් තිබුණු බව මම අසා ඇත්තෙමි )

කෙසේ වෙතත් කේ. ඩී. ලාල් කාන්ත ඇමතිවරයා මෑතදී ප්‍රකාශ කර සිටියේ ඩඩ්ලි සිරිසේන නැත්නම් තවමත් හාල්වල ගල් හැපෙන බවය. ඩඩ්ලිගේ වටිනාකම ලාල් කාන්ත කිසිදු කප්පාදුවකින් තොරව මුදමුදා හළේය.

කුහකකමින් තොරව තමන්ගේ අදහස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටීම පිළිබඳව ලාල් කාන්ත ඇමතිවරයාට කෘතඥතාව පළකරන අතර අනාගතයේදීද ඇත්ත යැයි තමාට හිතන දේ නොසඟවා ප්‍රකාශ කිරීමේ ශක්තිය දිය නොවී ඔහු සතුව පවතීවි යැයි පතමි. නමුත් පොළොන්නරුවේ මාගේ මිතුරකු පවසනුයේ ගල් නැති හාල් වෙළෙඳ පොළට නිකුත් කිරීමේ පුරෝගාමියා ඩඩ්ලි නොවන බවය. ඒකට කමක් නැහැ වර්තමානයේ ථල ඇති රුක ඩඩ්ලි සිරිසේන නොවැ. ඒ විතරක්ද මොන ආණ්ඩුව බලයට පත් වුණත් කිසිදු ආපදාවකින් තොරව බබළන කිහිපදෙනාගේ කණ්ඩායමටද ඩඩ්ලි අයත්ය. සිදුවිය යුත්තත් එයයි. නමුත් අපට මෙහෙම කොචොක් දැමීමට සිදුවී ඇත්තේ මාලිමා නායකයන් පරණ කී කතා තවමත් මතක යේ රැඳී ඇති නිසාය. කෙසේ වුවත් ලාල් කාන්තගේ ක්‍රමයට මං කැමතියි. රනිල් ගැන කතා කරන්න ගිහින් ලාල් කාන්ත පැලවත්තේ සහෝදර සර්ලාගෙන් අම්බානක බැනුම් ඇහුව කියල නම් අපට ආරංචියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද විජේරාමෙන් පිටවෙයි! (PHOTOS)

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල...

නුඹත් අද ගිහින් “මහසිළු”

තේජාන්විත ..නුඹේ ගමනට..වශීනොවූයේ කවුරුන්ද..කිරි පාට දිදුලන ..වැඩුණු දළ යුඟළ...

මැදමුලනට යන මහින්ද බලන්න දේශපාලකයින්, විදෙස් නියෝජිතයින් රැසක් විජේරාමේ නිල නිවසට!

කොළඹ LNW:"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු...

පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂ නායක යළි විවාදයක් ඉල්ලයි!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් සිදු කිරීමට අවස්ථාව ලබා...