ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන IMF වෙතින් පැසසුම්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව සිදුවන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සම්බන්ධයෙන් IMF වෙතින් ප්‍රතිචාර දක්වා තිබේ.

ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපර්ජෝර්ජියෝ ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය 21 සහ 25 අතර කාලය තුළ දිවයිනට පැමිණ සිටි අතර ඔවුන් සිය සංචාරය නිමාකරමින් ඔවුන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී, එවන් පැපර්ජෝර්ජියෝ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙමින් සිටින බවට ඔවුන් විශ්වාස කරන බවයි.

විශේෂයෙන්ම 2025 වසරේ පළමු කාර්තුව තුළ වාර්තා වන 4.8% ක ආර්ථික වර්ධනය අදාල කාර්තුව තුළ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ මට්ටමද ඉක්මවා ඇති අතර ඩොලර් බිලියන 6.1 ඉක්ම වූ නිල විදේශ සංචිත ප්‍රමාණයක් රැස්කර ගැනීමට හැකි වීම සහ උද්දමනය අපේක්ෂා කරන මට්ටම දක්වා පැමිණ තිබීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

ඊට අමතරව, වැට් සහ ආනයනික මෝටර් රථ සදහා වන බදුවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය මත බදු ආදායම ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකිවී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පෙන්වා දී ඇත.

තවද ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය යථාතත්ත්වයට පත්කර ගැනීම සදහා ප්‍රධාන අවශ්‍යතාවයක් වන දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් වූ ප්‍රථමික ශේෂ ඉලක්කය සපුරා ගැනීමේ අරමුණ මත පදනම්ව 2026 සදහා වන අයවැය යෝජනා සකස් කිරීමේ වැදගත්කම ද ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා තිබෙන නව තීරු බදු අනුපාත සහ වර්ධනය වෙමින් පවතින භූ දේශපාලන ආතතීන් හේතුවෙන් යම් කිසි අවදානමක් නිර්මාණය වී තිබෙන බවද ඔවුන් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර දහ අටක් කෑ දීගයක ආනන්දය

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: වසර 18 ක සම්බන්ධයක්...

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW: රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ...

චෙම්මනි ඛේදවාචකය: මිනිස් සිරුරු100 ඉක්මවයි, ස්ථානීය ආරක්ෂාවත් දැඩි කරයි! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

10% ඒවා දැන් නැහැ. බය නොවී ඇවිත් ආයෝජනය කරන්න!

කොළඹ LNW:10% නොදී ව්‍යාපාර කිරීමට අවස්ථාවක් නොතිබුණු තත්ත්වය මේ...