වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

Date:

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW:

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරය නැරඹීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක් වූ අතර, එහිදී අග්‍රාමාත්‍යවරිය තම අදහස් පළ කළාය.

ඒ අනුව, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැකසීම සඳහා ඍජුවම තරුණ පරපුර සහ සිසු සිසුවියන් සම්බන්ධ විය යුතු බව අග්‍රාමාත්‍යවරිය පවසා සිටි අතර, ඊට අදාළ අදහස් සහ යෝජනා එවන ලෙසයි අග්‍රාමාත්‍යවරිය ඔවුන්ගෙන් ඉල්ලීමක්ද කළාය.

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කිරීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූ අතර, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව එහි සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වුණු බව පැවසේ.

එහිදී අධ්‍යාපන සභාව ගොඩ නැගීම සඳහා දීර්ඝ ලෙස එම කමිටුව නියෝජනය කරන විද්වතුන් අදහස් පළකල අතර අධ්‍යාපන සභාව ගොඩනැගීම සඳහා වූ මූලික වාර්තාව මාස දෙකක් තුළ කමිටුවට ලබාදීම සඳහා ඔවුන් සුදානම් බව අනුකාරක සභාවට දැනුම් දුන් බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...