වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

Date:

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW:

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරය නැරඹීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක් වූ අතර, එහිදී අග්‍රාමාත්‍යවරිය තම අදහස් පළ කළාය.

ඒ අනුව, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැකසීම සඳහා ඍජුවම තරුණ පරපුර සහ සිසු සිසුවියන් සම්බන්ධ විය යුතු බව අග්‍රාමාත්‍යවරිය පවසා සිටි අතර, ඊට අදාළ අදහස් සහ යෝජනා එවන ලෙසයි අග්‍රාමාත්‍යවරිය ඔවුන්ගෙන් ඉල්ලීමක්ද කළාය.

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කිරීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූ අතර, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව එහි සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වුණු බව පැවසේ.

එහිදී අධ්‍යාපන සභාව ගොඩ නැගීම සඳහා දීර්ඝ ලෙස එම කමිටුව නියෝජනය කරන විද්වතුන් අදහස් පළකල අතර අධ්‍යාපන සභාව ගොඩනැගීම සඳහා වූ මූලික වාර්තාව මාස දෙකක් තුළ කමිටුවට ලබාදීම සඳහා ඔවුන් සුදානම් බව අනුකාරක සභාවට දැනුම් දුන් බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 11) දිනයේදී බස්නාහිර, සබරගමුව...

වංකගිරියක අපේ ජීවිත ….

අප සමනල් පිහාටු වැනි ජීවිතවන්දනාවේ යන්න ඉපදීනමුත් ඒ දුර...

හිටපු රාජ්‍ය ඇමති වඩිවේල් සුරේෂ්ගෙන් FCIDය පැය 8ක් ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාව...