වසර දහ අටක් කෑ දීගයක ආනන්දය

Date:

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW:

වසර 18 ක සම්බන්ධයක් කියන්නෙ පහසු එකක් නෙමෙයි.දෙපැත්තෙම සිඳුවන වෙනස්කම් එක්ක සම්බන්ධයේ ආනන්දය නොකැඩී තියෙනවා කියන එක වටිනවා.මේ සම්බන්ධය ගොඩ නැඟිලා තියෙන්නෙ ශ්‍රී ලංකා වොලිබෝලය සහ ඩයලොග් ආයතනය අතරයි.මේ 18 වසර තුළ මේ දෙපැත්තෙම සම්බන්ධය හසුරුවන අයගෙ භෞතික ශරීර වෙනස් වුණාට එහි අරමුණ සහ ප්‍රතිපත්ති දුර්ලභ විදිහට ඉදිරියට ගලා ගෙන ගිහිං තිබෙනවා.


මේ දුර්ලභ කියන වචනය ලංකාවට සාපේක්ෂයි.මොකද වේගයෙන්ම වෙනස් වෙන්නෙ අරමුණු සහ ප්‍රතිපත්ති නිසයි.බලයට සුදුසු නැත්නම් ඇවැසි පරිදි ගමන වෙනස් කළත් වොලිබෝල් ජාතික ක්‍රීඩාව වීම නිසාත්,එහි අනාගතයට වඩාත්ම පලදායක තරගාවලිය හැටියට ජනාධිපති රන් කුසලාන අවුරුදු 25 න් පහළ තරගාවලිය කොනිත්තලා පළුඳු කරන්නෙ නැතුව ඉස්සරහට ඇවිත් තියෙනවා.


ඒකට ප්‍රධාන හේතුවක් වන්නෙ පාසලටයි,ගමටයි අයිති ක්‍රීඩකයගෙ පැවත්ම තියෙන්නෙ ක්‍රීඩාව වෘත්තීයක් මට්ටමට රැඳෙන සහ රැකෙන තුරු පමණක් වීම නිසයි.ඒ වෙනුවෙන් හැදුණු දිගෑදුණු පළල් සංස්කෘතියක් ලංකාවට නැහැ.ඒ නිසා ත්‍රිවිධ හමුදාව සහ කලින් කලට පත්වන ආණ්ඩුවෙ ඇමතිවරුන්ගේ රුච්කත්වයට අනුව ඔවුන් පාලනය කරන ආයතනවලට පොම්ප කරපු වොලිබෝල් කණ්ඩායම් සහ මේ වන විට නැඟෙමින් තිබෙන වෙළද සේවා වොලිබෝල් සංගමයේ මැදිහත්වීම හරහා කේෂ්ත්‍රයට පෞදගලික ආයතනවලින් කෙරෙන කණ්ඩායම් ඉදිරිපත් කිරීම් වැනි කාරණාවලට සීමා වී තිබෙන වොලිබෝල් ක්‍රිඩාව,නිර්මාණය කරන ගමට ක්‍රීඩකයාගේ වටිනාකම දනවන එකම තැනත් ඩයලොග් රන් කුසලාන තරගාවලියයි.


ගමේ වොලිබෝල් පිට්ටනිය පාළුවට නොයන,බැඳුණු දැල නොවේලෙන සහ පන්දුවට වඳින පහරවල් සමඟ ගමේ ජයඝෝෂාව සහ උද්යෝගය පවත්වා ගන්නා තරගාවලිය ලෙස ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලිය හැඳින්විය හැකියි.ඒ නිසා ගමේ වොලිබෝල් ක්‍රීඩාව සහ රටේ අනාගත දක්ෂයන් රැක දෙන සොයා දෙන බිමක් හැටියට ව්‍යහුයමය වශයෙන් පොහොසත් තැනක් නිසා මේ තරගාවලිය අතිශයින් ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට වැදගත් වෙනවා.
මේ සියල්ල සළකා බලා අප එම මාධ්‍ය හමුවේදී කව දුරටත් අනුග්‍රාහකයාගේ භුමිකාවට පමණක් පන නොදී,හැකිනම් ව්‍යාපාරයේ ගුණාත්මක භාවය ගැන උනන්දු වන තරමට ඩයලොග් ආයතනයට වොලිබෝල් ක්‍රීඩා කණ්ඩායමක් පැමිණයහොත් ව්‍යාපාරික කීර්තිය උදෙසා එහි ගුණාත්මක ජයග්‍රාහී ස්ථාවරය වෙනුවෙන් ද කැප වෙන නිසා ජාතික ක්‍රීඩාවට කණ්ඩායමකින් ද දායක වන ලෙස ඉල්ලා සිටියා.එය ආයතනික වශයෙන් එක පාරට තීරණයක් ගත නොහැකි දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය යුතු කාරණයක් වුවත්,එම අවස්ථාව වෙනුවෙන් ආයතනය නියෝජනය කරමින් සහභාගි වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හී සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හී සමූහ අලෙවි උපසභාපති හර්ෂ සමරනායක එය ඔවුන් එරෙහිව එල්ල වූ දැවන්ත ඩෑෂ් පහරක් ලෙස සළකා දැල අසළදීම ආවරණය කරන්න නොයා තව දුරටත් පන්දුව සජීවීව පවතින්න දීම සතුටට හේතවන බලාපොරොත්තු එක්වරම කඩා නොවැටෙන හැඟීමක් ඇති කළා.ඒ ගැන සතුටුයි.


මේ සබැඳියාවේ අනුග්‍රහය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුව ඇමතූ ලසන්ත තෙවරප්පෙරුම මෙන්ම වොලිබෝල් සම්මේලන සභ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත ද ජාතික ක්‍රිඩාවේ අනාගතය වෙනුවෙන් පාර්ශව දෙක අතර ඇති බැදීම ගැන ඉහළින්ම සතුටු වුණා.ඒ සතුට මේ තරගාවලිය පුරා ද ක්‍රියාත්මක දැවන්ත මෙහෙයුම තුළින් ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට වැදගත් මෙහෙයක් ඉටු කරයි.රටම ආවරණය කළ හැකි සංඥා පද්ධතියක් මෙන්ම ජාතික ක්‍රීඩාවේ පැවත්මට හේතුවන රට පුරා විසිර ුඅති ගම් නියම්ගම්වල වොල්බෝල් පිට්ටනිවලට උද්යෝගයක් කැඳවක සහ අලුත් බලාපොරොත්තුවලට පාර පෙන්නන තරගාවලිය වන ඩයලෝග් තරගාවලිය ජාතික තේරීම් සඳහා වන පරීකෂණ ක්‍රියාවලියක කොටසක් ලෙස පවත්වාගෙන යන බව කීමත් අපූරුයි.වොලිබෝල් සම්මේලනයේ උප සභාපති බණ්ඩාර හේරත්ගේ වචනවලින් එළියට ආ ඒ අදහස වොලිබෝල් ක්‍රීඩාවට අතිශයින් වැදගත් නිසාම අප හැකි සෑම විටෙකම පළමු තරගායේ සිට මේ ක්‍රියාවලිය නොපිරිහෙළා ඉටු කරන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු කරන්නට බලපොරොත්තු වෙනවා.මන්ද සමහර විට පළමු මොහොතේම තරගාවලියෙන් ඉවත යන කණ්ඩායමක හුදෙකලාව සටන් කරන රටක් වටින් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් සිටිය හැකි නිසයි.


එසේම නව සභාපතිවරයා ද අප සමඟ ප්‍රකාශ කළේ දෙවන පෙළ කණ්ඩායමක් පමණක් නොව අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමක් ද නිරන්තරයෙන් නඩත්තු කිරීමට නව සංගමය අපේක්ෂාවෙන් සිටින බවයි.වසර ගණනාවක් තිස්සේ නිරන්තරයෙන් නඩත්තු වන ජාතික සංචිතයක් සහ අඩුම තරමේ එක් පුහුණුකරුවෙක් යටතේ දෙවසරක් හෝ එක දිගට විවේචන විරෝධ දරාගෙන පවත්වා ගෙන යන කණ්ඩායම් දෙකක් සිටීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දිය යුතුයි.එය මාධ්‍ය කිහිපයක් මඟින්ම වරින්වර ගෙවුණු දීර්ඝ ඉතිහාසය තුළ පෙන්වා දුන් කරුණු වීම නිසා එයද අපේ විශ්වාසයට අනුව සිඳුවිය යුතු වැදගත්ම කාරණයක් ලෙස ගත හැකියි.


ගමකට සංනිවේදන කුළුනක් හරහා ඩයලොග් සමඟ සම්බන්ධ වීමේ හැතියාව,ඇට මස් ලේ ඇති මිනිස්සුන්ගේ හැඟීම්වල සතුට වින්දනය ආදී මානුෂීය හැඟීම් සමඟ සම්බන්ධ වීමට එලෙන ජාලයක් බවට වොලිබෝල් පත්වන මොහොතක් වන ජනාධිපති රන් කුසලාන තරගාවලියට ඇතුළත්වීම සඳහා කණ්ඩායම් සඳහා ලැබෙන අවසාන දිනය 2025 අගෝස්තු 10 වන දා වෙනවා.අගෝස්තු 16 කොළඹ ටොරිංටන් පිටියෙන් ඇරඹෙන බස්නාහිර පළාත් තරගවලට සමගාමීව පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් ඉදිරියට ඇඳෙන රන් කුසලානයේ වටිනාම කණ්ඩායම කවුරුන් වුවත්,වොලිබෝලයට මේ තරගාවලියෙන් ලැබෙන වටිනාකම ඊඨ වඩා රත්තරන් බව කිව යුතුයි.


එහෙත් රන් වුව ද පිහිය ඇන ගැනීමට නුසුදුසු බව දන්නා නිසා එය භාවිතාව තුළින් ඉදරියට ඇඳෙන තත්පරයේ ඒ ගැන අපට දැනෙන මුදු හෝ රළු විවේචන ද තිබිය හැකියි.ඒ,ආදරයට සියල්ල අනුමත කරන විට ආදරය කරන දේ විනාශ විය හැකි බව විශ්වාස කරන නිසයි.අපි බලා සිටිමු.පරිස්සමට නිසි තැන ජාතික ක්‍රීඩාව පතිත කරන්නට රන් කුසලානය ජාතික ක්‍රීඩාවට ආශිර්වාදයක් වේවා යන්න අපේ හැඟීමය,පැතීමය.
මේ මොහොතේ රන් කුසලාන වොලිබෝල් අනුග්‍රහය පමණක් නොව ජාතික කණ්ඩායම්වලට වසර කිහිපයක සිටිම ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සම්බන්ධ වන ඩයලොග් එම අනුග්‍රාහත චෙත්පත් ද එහදී පිරිනැමීය.අවස්ථාව සඳහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩීකාවෝ ද එක් වී උන්හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...