ආණ්ඩුව සමඟ අන්තර් පාලනයකට නොයාමට සමඟියෙන් තීන්දුවක්!

Date:

ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා නොදෙමින් සෘජු හා වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්ධනකාරී ලෙස මුදාහරිමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග සම්බන්ධ නොවීමට සමගි ජන බලවේගය සහ සමගි ජනබල සංධානයේ මන්ත්‍රි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව කිසිලෙසකින්වත් ආණ්ඩුව සමඟ එක් නොවීමටයි ප්‍රධාන විපක්ෂය තීරණය කර ඇත්තේ.

මේ අතර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, විරෝධතා පැවැත්වීමේ අයිතිය, සහ මහජනතාවගේ එදිනෙදා මුහුණදෙන ගැටළුවලට විරෝධය දැක්වීමේ අයිතිය මර්ධනය කිරිමේ අරමුණින් ගෙන එනු ලබන හදිසි නීතියට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ද ඔවුන් ඒකමතිකව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු‌ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ජනතාවගේ දැවෙන ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමයක් ස්ථාපිත වන්නේ නම්, ඒ සඳහා සහයෝගය දීමට ඔවුන් තීරණය කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...