සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මහ කන්නයේ හෙක්ටෙයාරයකට අඩුවෙන් කුඹුරු වගා කරන ගොවීන් අතරේ බෙදා හැරීම සඳහා, යූරියා මෙට්‍රික් ටොන් 8300ක් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය තීරණය කර තිබේ. ජපාන රජය මේ සඳහා අනුග්‍රහය දක්වයි.
උතුරු හා නැගෙනහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට එම සහනය හිමිවන බවයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ .
මේ වනවිට අවස්ථා කිහිපයකදී මෙරට ගොවීන්ට යූරියා මෙට්‍රික් ටොන් 15000 කට ආසන්න ප්‍රමාණයක් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සම්බන්ධිකරණයෙන් ලබා දී ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??