ජපානයේ ජනගහන වර්ධන වේගය සීඝ්‍රයෙන් පහතට

Date:

ජපානයේ කුඩා ව්‍යාපාර මිලියන 1.2 කට වඩා වැඩි ප්‍රමාණයකට අනුප්‍රාප්තිකයෙකු නොමැතිව සිටින්නේ වයස අවුරුදු 70 ක් පමණ වන හිමිකරුවන්ය.

ජපානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නව සංඛ්‍යාලේඛන වලට අනුව 2022 වසරේ ජපානයේ ප්‍රාන්ත 47න් සෑම ප්‍රාන්තයකම ජනගහනය පහත වැටී ඇති අතර මරණ මිලියන 1.56 කට වඩා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඊට සාපේක්ෂව උපත් වාර්තා වී ඇත්තේ 771,000ක් වශයෙනි.

ජපානයේ වයස්ගත ජනගහනය දැනටමත් සමාජයේ සෑම අංශයකටම පාහේ බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති අතර, සියලුම මහ නගර සභාවලින් අඩකට වඩා ජනශූන්‍ය දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇත.

ජපානයේ පාසල් මේවන විට වැසෙමින් පවතින අතර කුඩා ව්‍යාපාර මිලියන 1.2 කට වඩා වැඩි ප්‍රමාණයකට අනුප්‍රාප්තිකයෙකු නොමැතිව සිටින්නේ වයස අවුරුදු 70 ක් පමණ වන හිමිකරුවන්ය.

රජය විසින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කරන ලද ළමා ආරක්ෂණ සහ අධ්‍යාපන සහනාධාර උපත් අනුපාත වෙනුවෙන් විශාල බලපෑමක් කර ඇති බවක් පෙනෙන්නට නොමැති වුවත්, රජය නැවතවරක් ළමා රැකවරණය සහ දීමනා සඳහා දෙගුණයක් වියදම් කිරීමට යෝජනා කර ඇත.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...

මහවැලි ගගට නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි!

කොළඹ LNW:මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු...

හලාවත රෝහල තාවකාලිකව වසා දමයි

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හලාවත මහ රෝහල...