රට හදන්න නම් සියලු දෙනා එකතු විය යුතුයි – රුවන්  විජයවර්ධන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පාක්ෂික හමුවක් අමතමින් රුවන්  විජයවර්ධන මහතා කියා සිටියේ , රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අරමුණ ජනාධිපති පුටුවේ වාඩි වී සිට තමන්ගේ වැඩ කර ගැනීම නොව රට හරි තැනට ගෙන ඒම බවයි.

ශ්‍රී ලංකාවට නිදහස ලබා ගන්නා විට ඩී.එස් සේනානායක මහතාගේ අදහස වූයේ සියලු ජාතීන් එකතු කර ගැනීම බව කී විජයවර්ධන මහතා අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ රටේ ආර්ථික ගැටලු හදා ගැනීමට  නම් සියලු දෙනා එකතු විය යුතු බව යැයිද කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්වීම් සඳහා දැන් විවිධ පක්ෂ වලට ඡන්දය දුන් ජනතාව පැමිණෙමින් සිටින බවද ඔහු කීවේය.

රට හදන්න නම් සියලු දෙනා එකතු විය යුතු බව රටේ පොදු ජනතාවට දැන් වැටහෙමින් තිබෙන බවද පෙන්වා දුනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...