*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ලංකාවට වඩා හොඳින් පන්දු රැක්කත් චමරිගේ ඉණිම නැවත්වීමට කිසිවෙකු හෝ සිටියේ නැහැ.

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 26 , LNW කොළඹ :
ශ්‍රී ලංකා පන්දු රකින්නියන් විසින් ජයග්‍රහණය ඈතට තල්ලු කළ ත්,පකිස්තානු පන්දු රකින්නියන් සිය පන්දු රැකීමෙන් පාරජය ඈත් කරන්නට උත්සාහ කළා.එහෙත් ගතවෙන තත්පරයේ ලොව සිටින භයානකම පිතිකාරිණියට හරස් වෙන්නට නොහැකි වීම නිසා තරගයේ අවසාන මොහොතේදී ශ්‍රී ලංකාවට කඩුලු 3 ක් ජයක් ලබා දී පකිස්තානයට පසු බසින්නට සිඳු වුණා.

පකිස්තාන කාන්තා කණ්ඩායමට කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.තරගාවලිය පුරා ලකුණු අතර සිටින සහ නායිකා චමරි අතපත්තුත් තරගයට පෙර ඒ බව සඳහන් කළ පකිස්තාන ආරම්භක පිතිකාරිණියන් වන මුනීබා අලි සහ ගුල් ෆෙරෝසා පළමු කඩුල්ලට ලකුණු 61 සබඳතාවයක් ඇති කරමින් සිය සාර්ථකත්වය අවසාන පූර්ව තරගයේදීත් ප්‍රදර්ශනය කළා.ඒ අතරින් මුනීබා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වෙමින් ලකුණු 37 ක් රැස් කළ අතර ෆෙරෝස් ලකුණු 25 ක් එකතු කර ගන්නට සමත් වුණා.නායිකා නිඩා ඩාර් සහ ෆාතිමා සානා ලකුණු 23 බැඟින් පකිස්තානු ලකුණු පූවරුවට එකතු කළා.
මේ දායතකත්වයන් සමඟ පකිස්තානය සිය ඉණිම අවසාන වන විට කඩුලු 4 ට ලකුණු 140 ක් ලබා ගන්නට සමත් වුණා.දැවී ගිය කඩුලු 4 න් උදේශිකා ප්‍රබෝධනී 23 ට කඩුලු 4 ක් ද සහ කවීශා දිල්හාරී ලකුණු 30 ට කඩුලු 2 ක් ද ලබා ගත්තා.මේ ලකුණු 140 ට පකිස්තාන පිතිකාරිණයවන්ගේ දස්කම් වගේම ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලකම ද තදින් බලපෑවා.

එ නිසා අනපේක්ෂිත ඉලක්කයකට යොමු වන්නට සිඳු වූ ශ්‍රී ලංකා පිතිකරු බලඇණියේ පළමු කඩුල්ල ලෙස මේ තරගාවලියේ ආරම්භක තරග කිහිපයේ කැපී පෙණුන විශ්මි ගුණරත්න ලකුණු නොලබාම දැවී ගියා.හර්ශිතා මාධවීගේ පිත්තෙන් එකතු වුණෙත් ලකුණු 13 ක් පමණයි.කවීශා සදිලහාරි ලබා ගත්තේ ලකුණු 17 ක් වුණත්,පකිස්තානය විසින් ශ්‍රී ලංකාව පැත්තට ඇති කර තිබූ පීඩනයෙන් යම් නිදහසක් ලබන්නට මඟ සකසමින් තෙවන කඩුල්ලට ලකුණු 59 ක සබඳතාවයක් කණ්ඩායම වෙනුවෙන් ඉතිරි කර දුන්නා.

නිලක්ෂි ද සිල්වාට ලකුණු අතරට එන්න බැරි වුණ ද,ජයග්‍රහණය වෙනුවෙන් කන්ඩායමේ වගකීම ගෙන කණ්ඩායම පෙරට රැඟෙන ගිය අනුශ්කා සංජීවනී,තරගය නිමාවන විට නොදැවී ලකුණු 24 ක් රැස් කළ සිටි අතර ඇය අන්ෂ්කා සමඟ පස්වන කඩුල්ල සඳහා චමරි සමඟ ලකුණු 42 ක් එකතු කර දෙන්නද සමත් වුණා.
සාදියා ඉක්බාල් ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ලකුණු 16 ට කඩුලු 4 ක් ශ්‍රී ලංකාව අහිමි කර ගත්තද ඔවුන්ට අභියෝගය හැටියට එල්ල වී තිබූ ලකුණු 140 ඉක්මවා යමින් පකිස්තානය පරාජය කරන්නට මුල් වෙමින් ලකුණු 63 ක් රැස් කළ චමරි අතපත්තු තවමත් තමන් තනිව වුව තරගයක තීරණය ආපසු හැරවීමට සුදුසු බව ප්‍රදර්ශනය කළා.

ලකුණු පූවරුව → https://es.pn/4bZQdlI
මේ තරග ජයත් සමඟ ශ්‍රී ලංකාව මෙවරත් ආසියානු කාන්තා විස්සයි විස්ස තරගාවලිියේ අවසාන තරගයට ඉන්දියාව සමග පිවිස සිටිනවා.
https://bit.ly/3Yl1JER මෙම වීඩියෝ සටහනෙන් ශ්‍රී ලංකාව අවසාන තරගයට පිවිසි උද්වේගකර අවස්ථාව නැරඹීය හැකියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan