*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

මෛත්‍රී – දායසිරි යළි ගැටුමකට මුලපුරයි!

කොළඹ LNW:අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන අතර ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඔහුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවට ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකර තිබෙන ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

විජයදාස රාජපක්ෂ මහතා දේශපාලනය පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වන අතර 2006-2007 වකවානුවේ ඔහුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් නෙරපා හරින්නේ එවකට ආණ්ඩුවේ මහාපරිමාණ වංචා,දුෂණ හා රාජ්‍ය දේපළ අවභාවිතයට එරෙහි වීම නිසා බවයි සිරිසේන හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයේ දක්වා ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දීම සඳහා අතලොස්සක් කුමන්ත්‍රණය කරමින් හිඳින පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට පක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණයක් ගනු ලැබූ බවද හිටපු ජනාධිපතිවරයා පවසයි.

දායසිරි ජයසේකර මහතා පවසන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් වසර පහකට හෝ ගොඩගත් නොහැකි හෙයින් මේ මොහොතේ කවුරුන් හෝ අපේක්ෂකයෙකුට සහය දිය යුතු බවට අකර තිබෙන ප්‍රකාශයෙන් ඔහුගේ සූදානම පැහැදිලි වන බවයි තවදුරටත් එම නිවේදනයෙන් සිරිසේන මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට වගකිවයුත්තා තමන් බවට හුවාදක්වමින් දයාසිරි ජයසේකර මහතා විසින් කළ ප්‍රකාශයද මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan