රටේම ආරක්ෂාව තහවුරු කරන්න – ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්!

Date:

කොළඹ LNW:සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

එළෙඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම කාලය තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අපසුගිය (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් ලබා දී තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීහු මෙම කාරක සභා රැස්වීමට කැඳවා තිබිණි.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි මෙම සියලු කටයුතු සිදුකරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. එසේම පසුගිය වසර දෙකක ඉතාම සංකීර්ණ කාලය තුළ අමාත්‍යාංශයක් ලෙස බරපතල තීන්දු තීරණ ගැනීමට සිදු වූ බවත්, එම කාලය තුළ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කරමින් රට ස්ථාවර කිරීමට හැකි වූ බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එබැවින් ඒ සඳහා කැපවූ සියලු පාර්ශ්වයන්ට ජනාධිපතිවරයා වෙනුවෙන් ස්තූතිය පළ කර සිටි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු ආයතනවල කටයුතු නිසි පරිදි ඉදිරියේදීත් ඉටුකරන ලෙස උපදෙස් දී ඇත.

ත්‍රිවිධ හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ කරුණු මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන්ද මෙම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිලින ගමගේ ළඟින්ම සබඳතා පැවැත්වූ නීතීඥයින් පිරිසක් ගැනත් විමර්ශන. හිටපු ඇමති පුතෙකුත් ඒ අතර ?

විෂමාචාර චෝදනා එල්ල වී සිටින තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා සමග...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (අගෝස්තු 03) දිනයේදී දිවයිනේ බොහෝ...

මහලොකු විශ්වවිද්‍යාල ආචාර්යවරු ළඟ තියෙනවද හදපු පැකේජ් එකක් ? – ඇමති ලාල් වි.වි. ආචාර්යවරුන්ට සැරටම අමතයි !

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ගමේ මරණාධාර සමිතියේ පවා බලය අල්ලන්න පැලවත්තෙන් ආඥාවක් නිකුත් කරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රජය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්...