එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

Date:

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් නඩු තීන්දුව අධ්‍යනය කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් කමිටුවක් පත්කර ඇති බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත්කර ඇත්තේ එම නඩු තීන්දුව අධ්‍යනය කර ඉදිරි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා ය.

මෙම නෞකා අනතුර සිදුවූ සමයේ සිටි නීතිපතිවරයා විසින් ද පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට සඳහන් කර ඇති, පිටු 361 කින් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මෙම කමිටුව විසින් විස්තරාත්මකව අධ්‍යනය කිරීමට නියමිත අතර එහි සඳහන් නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ගතහැකි ක්‍රියාමාර්ග තීරණය කිරීමට ද නියමිත ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්ව තිබුණේ “නීතිපතිවරයා විසින් එක්ස්ප්‍රස් පර්ල් සමාගම් සමූහයට එරෙහිව සිංගප්පූරු අධිකරණයක සිවිල් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ගත් තීරණය, නාවික හා සමුද්‍රීය කටයුතු පිළිබඳ අධිකරණ බලය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණයේ ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිවිරුද්ධව, අසාධාරණ, අතාර්කික සහ අත්තනෝමතික තීරණයක් වන අතර එය ශ්‍රී ලංකාවේ යහපතට හේතු නොවීය” යනුවෙනි.

ඒ අනුව සිංගප්පූරුවේ සිවිල් නඩුවක් ගොනුකිරීමට තීරණය කිරීමට හේතු කවරේද යන්න සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලද වන්දි ලබාගැනීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව කමිටුව සොයාබලනු ඇත.

සිංගප්පූරුවේ ලියාපදිංචි X-Press Pearl සමූහය සහ එහි දේශීය නියෝජිතයා මෙම ව්‍යසනයට වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශ කර තිබූ අතර ඔවුන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 01ක වන්දියක් ගෙවන ලෙස ඔවුන්ට නියෝග කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණයින් 21ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී...

සටන් විරාමයකට එකඟ වන්න: තායිලන්ත සහ කාම්බෝජ රජයන්ට ට්‍රම්ප්ගෙන් රතු එළි!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත -...

හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක ජූලි 27 කොළඹ LNW : ශ්‍රී ලංකා...