සටහන: සශිකලා මධුෂාණි
ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගූගල් හිමිකාරීත්වය දරන ඇල්ෆාබෙට් ඉන්කෝපරේෂන්(Alphabet Inc.) හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව, බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, පිචායිගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 1.1 ක් ලෙස ගණන් බලා ඇති අතර ඔහු බිලියනපතියකු වශයෙන් ප්‍රධාන වශයෙන් පැමිණෙන්නේ, ඇල්ෆාබෙට් හි ඔහුගේ 0.02% හිමිකාරීත්ව කොටස්, ඔහු ගොඩනගා ඇති විශාල මුදල් සංචිත හා ගූගල් හි මව් සමාගම වන ඇල්ෆාබෙට් හි වෙළඳපල වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.3කින් ඉහල යාමත්, ඔහු විසින් පසුගිය වසර 10 තුළ, සිය කොටස් විකුණුම් නීත්‍යානුකූල සහ කල්තියා සැලසුම් කර SEC අනුමත රීතියක් වන 10b5-1 රීතිය යටතේ ඩොලර් මිලියන 650 ක් පමණ වටිනා ඇල්ෆාබෙට් කොටස් විකිණීම හේතුවෙනි.
මාර්ක් සකර්බර්ග්, එලොන් මස්ක් සහ ජෙන්සන් හුවාං වැනි අනෙකුත් තාක්ෂණික බිලියනපතියන් මෙන් නොව. පිචායි ගූගල් ආරම්භ කළේ තමා විසින්ම නොවන හෙයින් සමාගමේ මුල් දිනවල සිට පිචායිට කිසි විටෙකත් දැවැන්ත කොටස් හිමිකමක් නොතිබුණි, එම නිසා ඔහුගේ ශුද්ධ වටිනාකම එම ආරම්භකයින්ට වඩා බෙහෙවින් අඩු විය.
පිචායි ද්‍රව්‍ය ඉංජිනේරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර කළමනාකරණ උපදේශන සමාගමක් වන මැකින්සි සහ සමාගමේ කෙටි කාලයක් සේවය කිරීමෙන් පසු 2004 දී ගූගල් සමඟ සම්බන්ධ විය, එහිදී ඔහු ගූගල් ක්‍රෝම් සහ ක්‍රෝම්ඕඑස් ඇතුළු ගූගල් හි සේවාදායක මෘදුකාංග නිෂ්පාදන කළමනාකරණය සහ නවෝත්පාදන උත්සාහයන්ට නායකත්වය දුන් අතර ගූගල් ඩ්‍රයිව්, ජීමේල් සහ ගූගල් සිතියම් වැනි අනෙකුත් යෙදුම් සංවර්ධනය අධීක්ෂණය කරනු ලැබිය.
මේ සම්බන්ධයෙන් ඩොලර් බිලියන 347ක ශුද්ධ වටිනාකමක් සහිතව ලොව ධනවත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන තාක්ෂණික දැවැන්තයකු වන ටෙස්ලා සහ ස්පේස්එක්ස් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් සහ සුන්දර් පිචායි Xහි සුභපතා ඇති අතර එය ආකර්ෂණීය බව සඳහන් කර තිබේ.
කෙසේ නමුත්, ජාත්‍යන්තර මාධ්‍ය ඉඟි කර ඇත්තේ තාක්ෂණික දැවැන්තයන් දෙදෙනා අනාගතයේ එක්ව කටයුතු කළ හැකි බවටයි.