රසාරාගෙන් තවත් ජාතික වාර්තාවක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW:

ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල නියෝජනය කරන කැළිනය සරසවිය නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික්කයේ මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ ක්‍රීඩිකාවක් වන රසාරා විජේසූරිය මීටර් 5000 ඉස්වවේ ජාතික වාර්තාව ද සිය නමට ලියා ගත්තාය.මීට පෙර තමන්ගේම නමින් පැවති මීටර් 10000 ජාති වාර්තාවේ කාලයද ඉදිරියට ගෙන යමින් නව වාර්තාවක් පිහිටුවන්නට මෙම ක්‍රීඩා උළෙලේදීම සමත් වූ රසාරා මීටර් 5000 ඉසව්වේ ජාතික වාර්තාව සිය නමට ලියා ගත්තේ පළමුවන වතාවටය.


මීටර් 5000 ඉසව්වේ පැවති ජාතික වාර්තාව වූ ගයන්තිකා අබේරත්නගේ විනාඩි 15:55.84 ක කාලය ඉක්මවමින් රසාරා 15:52.60 න් තරගය නිමා කරමින් නව ජාතික වාර්තාවේ හිමිකාරිය වූවාය.මූලික තරගයේදී ද රසාරා තමාගේ හොඳම පෞද්ගලික කාලය වාර්තා කරමින් විනාඩි 16:00.30 ක් වාර්තා කරන්නට සමත් වූ අතර අවසාන තරගයේ පැවති තරගකාරීත්වයට සාපේක්ෂව ඇය එම කාලය තවත් ඉදිරියට ගෙන එමින් ජාතික වාර්තාව ද තත්පර 3 න් ඉදිරියට ගෙන ආවාය.


සජිත් ජයලාල් යටතේ පුහුණුව ලබමින් සිටින රසාරා මෙම තරගාවලියේදී කියා පෑවේ වඩා තරගකාරී මට්ටමේ තරග සඳහා ලැබෙන ඉඩ අනුව මීටර් 5000 මෙන්ම මීටර් 10000 ඉසව් ද තමන්ට ජාතික මට්ටමෙන් ඉදිරියට ගෙන යන්නට දායකත්වය දිය හැකි බවය.ඉතාම අඩුවෙන් අවධානය යොමුවන ඉසව් හැටියට ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර සහභාගීත්ව අවස්ථා හිමිවන දුර දිවීමේ ඉසව් සඳහා ඉදිරියේදී මීට වඩා අවස්ථා සළකා බැලිය යුතුව තිබෙන බව රසාරා නැවතත් ක්‍රීඩා බලධාරීන්ට මෙන්ම ජාතික තේරීම් කමිටුවලට ද මේ දක්ෂතා හරහා පෙන්වා දුන්නාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...