නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (ජුලි 27) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.

ඒ අනුව, ඒ මහතා මෙරට 49 වැනි අගවිනිසුරුවරයා වශයෙන් පත්ව ඇත.

1989 වසරේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම්දී ඇති ප්‍රීති පද්මන් සූරසේන මහතා, ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයකු ලෙස සේවය කර ඇති අතර 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වී තිබේ.

2016 වසරේදී අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් වූ ඔහු 2018 වසරේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් පත් වූ අතර 2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් විය.

හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම යාමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා අගවිනිසුරු ධුරයට පත්වූ අතර ඒ මහතා දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයා ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...