මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව සම්බන්ධ කරුණු පෙන්වා ඒවා පැරණි දේශපාලනඥයින්ගේ ක්‍රමයම බව පෙන්වන්නට යාම මෝඩ ක්‍රියාවක් බවත් ජනාධිපතිවරයාට දැනට පවතින ප්‍රමාණයටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් අවශ්‍ය බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“දැන් මම යන්නෙ කැබ් එකේ. මගේ අතිරේක ලේකම්ලා සහ ලේකම්ලා යනවා V8 වල. දැන් ටික ටික කට්ටියට පොඩි ලැජ්ජාවක් තියෙනවා. පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා ලැජ්ජාව, ඒක අපට තේරෙනවා. මගේ අමාත්‍යාංශෙම ලේකම්තුමා මේ ළඟදී කිව්වා අපි වව්නියාවෙ ගිහිල්ලා පොඩ්ඩක් හවස කතා කරකර ඉද්දී – තේරුම් ගන්න පුළුවන් නෙ – ඇමතිතුමා අරහෙම යද්දී දැන් මම කොහොමද අරකෙ යන්නෙ ? ඒක අහන්න හේතුවක් වුණා, ඒගොල්ලො 8 දෙනෙක් ආවෙ එක වෑන් එකක.

දැන් මම මේ ළඟදී දැක්කා ජනාධිපතිතුමා යනවා කියලා දාලා තිබ්බා එකක් හයිවේ එකේද කොහෙද, ඉතින් ජනාධිපතිතුමා ආවාම අනිවාර්යයෙන්ම එන කණ්ඩායමක් ඉන්නවා. ඒවා වළක්වන්න බෑ. ඒවා අර පරණ ක්‍රමයට ඒ වගේමයි කියලා පෙන්වන්න ගියොත් ඒවා හරි මෝඩ මත. මම නම් ඉන්නෙ ඔහොම නෙවෙයි යන්න ඕනෙ කියන පුද්ගලික ස්ථාවරයේ. ඔයිට වඩා ජනාධිපතිතුමාට දැවැන්ත ආරක්ෂාවක් ඕනෙ. දැවැන්ත. මොකා මොන විවේචන කළත් ඕනෙ. නමුත් අනුර සහෝදරයා ඒකට එච්චර කැමති නෑ. ඔතනයි තියෙන්නෙ ප්‍රශ්නෙ. මම නම් කියන්නෙ හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෙ. අවශ්‍ය නම් යායුතුයි”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ්...

විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා – අතිඋතුම් කාදිනල් හිමිපාණන්

රෂිකා හෙන්නායක ජූලි 27,කොළඹ LNW : බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ...

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...

රසාරාගෙන් තවත් ජාතික වාර්තාවක්

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...