කළුතරයේ අනාගතය වෙනුවෙන් පුරවැසි හඬක් එක් කළ සුවිශේෂී කෘතිය එළිදැක්වේ!

ජූලි 27, LNW (කොළඹ): කළුතර මහ නගරයේ පුරවැසි හිතකාමී හා තිරසාර සංවර්ධනයක් අරමුණු කරගනිමින් සම්පාදනය කළ “කළුතර මහ නගරය – පුරවැසි හිතකර සංවර්ධනයක් සඳහා අදහස් හා යෝජනා” කෘතිය පසුගියදා උත්කර්ෂවත් අයුරින් ජනගත කෙරිණි.

කළුතර පුරවැසි සභාවේ සභාපති නීතිඥ නලින් මහේශ් පෙරේරා මහතාගේ නායකත්වයෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේදී කෘතියේ පළමු පිටපත මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම සිදු වූ අතර, ආගමික නායකයන්, විද්වතුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

උත්සවයේ ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පවත්වන ලද අතර, කළුතර නගරයේ ඉතිහාසය, වර්තමාන අභියෝග සහ පුරවැසි සහභාගිත්වය මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව ඔහු කරුණු පැහැදිලි කළේය.

මෙහිදී අදහස් දැක්වූ සභාපති නීතිඥ නලින් මහේශ් පෙරේරා මහතා සඳහන් කළේ, මෙම කෘතිය කළුතරයේ අනාගත සංවර්ධන සැලසුම් සඳහා පුරවැසියන්ගේ හඬ නිල වශයෙන් එක් කරන වැදගත් මාර්ගෝපදේශක ලේඛනයක් බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් කළුතරය වඩාත් සැලසුම්ගත හා පුරවැසි හිතකාමී නගරයක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

මුලතිව් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කඩිනම් පියවර…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : උතුරු පළාතේ මුලතිව්...

ක්‍රිෂ් ගනුදෙනුව සම්භන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ...