දකුණු චීන මුහුදේ වියට්නාම නෞකාවක් ගිලී යාමෙන් 18 දෙනෙක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
දකුණු චීන මුහුදේ වියට්නාම භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී යාමෙන් පුද්ගලයින් 18 දෙනෙකු අතුරුදන්ව තිබේ.

වාර්තා අනුව, නෞකාව අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ දකුණු චීන මුහුදේ ස්ප්‍රැට්ලි දූපත් සමූහයට අයත් Fiery Cross Reef ආසන්නයේ ගිලී ගොස් ඇති අතර වියට්නාම ජාතිකයන් 62 දෙනෙකු එම නෞකාවේ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.

ඔවුන් සොයා වියට්නාමය සහ චීනය එක්ව දැවැන්ත සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විට 45 දෙනෙකු ආරක්ෂිතව බේරාගෙන ඇති අතර, අතුරුදන් වූ 17–18 දෙනා සොයා ගුවන් යානා, නාවික යාත්‍රා සහ ධීවර යාත්‍රා යොදාගෙන සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.

මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා වියට්නාමය, චීනය සහ පිලිපීනය යන රටවල නාවික හා වෙරළාරක්ෂක බලකායන් එක්ව කටයුතු කරමින් සිටින අතර, ජීවිත බේරා ගැනීම මේ මොහොතේ ප්‍රමුඛතාව ලෙස සලකනු ලබයි.

මෙම අනතුර සිදුව ඇත්තේ දකුණු චීන මුහුදේ භූමි අයිතිය සම්බන්ධයෙන් රටවල් කිහිපයක් අතර දිගුකාලීන ආරවුල් පවතින සංවේදී ප්‍රදේශයක වන අතර, එම ප්‍රදේශයේ මෙවැනි හදිසි අනතුරු ජාත්‍යන්තර අවධානයට ලක්වීම සාමාන්‍ය සිදුවීමක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...