13 ගැන කතා කරනවා නම් මුලින්ම කළ යුතු දේ නාමල් කියයි

Date:

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන්නේ නම් මුලින්ම කළ යුතුව ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“යම්කිසි කෙනෙක් මේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරනවා නම් ඉස්සෙල්ලාම කතා කරන්න ඕනෙ ඡන්දෙ තියන එක ගැන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පෙරත් ඔය 13 තිබ්බාත් උතුරු පළාත් සභාවක් තිබ්බෙ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පස්සෙත් උතුරු පළාත් සභාවක් නෑ. ඒ හින්දා මං හිතන්නෙ පළවෙනි කාරණය තමයි 13ක් ගැන කතා කරනවා නම් පළවෙනි එක ඡන්දය තියන්න ඕනෙ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ සර්ව පාක්ෂික සමුළුවට පෙර ඊයේ (26) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...