රෝහල් සහ සෞඛ්‍ය ආයතන මිලියන ගාණක විදුලි බිල් ගෙවා නෑ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලින්, විදුලි බිල්පත් සඳහා රුපියල් මිලියන 3000කට ආසන්න මුදලක් අය වීමට ඇති බවයි.

සමාන්‍යාධිකාරීවරයා පැවසූවේ අදාළ හිඟ මුදල්, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලංකා විදුලිබල මණ්ඩලයට සෘජුවම ගෙවා දමන්නැයි දැනුම් දුන් බවයි.

මාස 5කට ආසන්න කාලයක් තුළ කොළඹ ජාතික රෝහලේ ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් මිලියන 339 කට ආසන්න බවත් ,එම මුදල ගෙවා දමන්නැයි ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ජාතික රෝහලට පැමිණ බලධාරීන්ට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

නමුත් , බිලපත් නොගෙවූ කිසිදු රෝහලක විදුලිය විසන්ධි කිරීමක් නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...