*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ආසියානු මෙහෙයුමේ රගර් නායකත්වය තරින්ද ට

ආසියානු ක්‍රිඩා තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තරින්ද රත්වත්තට පිරිනැමීමට තීරණය වී ඇත.රගර් පරිපාලනයේ යම් යම් තීන්දු සම්බන්ධයෙන් එකඟතාවය පළ නොකරමින් මෙන්ම ඇතැම් අවස්ථාවල දක්ෂතා ඇති ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායම තේරීම් අව්සථාවන්ට පැමිණීමට ඉඩ නොදෙමින් ද,මහනුවර ක්‍රීඩා සමාජයේ පාලකයන් ක්‍රියා කරද්දි ද,ලංකාවේ දක්ෂතම ක්‍රීඩා සමාජයක් හැටියට ඊට නිසි ගෞරව දක්වමින්ද,දක්ෂතම ක්‍රීඩකයෙක් ලෙස තරින්දට එම අවස්ථාව දෙමින් ද ශ්‍රී ලංකා රග්බි පරිපාලනය අවස්ථාවදීව රග්බි පරිපාලනයට අත පොවන්නන්ට රග්බිවලට ආදරේ කරන්නේ කෙසේද යන්න පාඩමක් උගන්වා ඇත.
තරින්ද ජාත්‍යන්තර වශයෙන් ගෙවුණු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී විශාල අවධානයක් දිනා ගත් අතර ඔහු නවසීලන්ත සත් සාමාජික කණ්ඩායමට එරෙහිව උත්සාහක ලකුණක් තැබූ පළමු ලාංකිකයා ලෙස ද ඉතිහාසයට එකතු විය.ජාතික රගර් තරගාවලියේ දී ද විශිෂ්ඨම ක්‍රීඩකයා ලෙස අභිෂේක ගැන් වී ඇති තරින්ද ජාතික කණ්ඩායමේ නායකයා ලෙස මෙවර ආසියානු තරගාවලියට ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා ධජය යටතේ නොව ශ්‍රී ලංකා ඔලිමිපික් ධජය යටතේය.

ජාත්‍යන්තර රග්බි සම්මේලනය දේශපාලනමය බලපෑම් එල්ලවීම යන කාරණය මත ශ්‍රී ලංකා රග්බි ක්‍රිඩාව ජාත්‍යන්තර වශයෙන් තහනම් කිරීමට යෙදුණ අතර එම ගැටළු තවමත් විසදී නැතත් ක්‍රිඩකයන් එයින් අපහසුවට පත් නොකළ යුතුය යන තීරණය ගෙන ශ්‍රී ලංකාවට ආසියානු තරගාවලිය නියෝජනයට අවස්ථාව දීමට තීරණය කර ඇත.මෙහිදී ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට එම කණ්ඩායම ඉදිරිපත් කිරිමේ බලය පවරමින් එවන ලද ලිපියේ පිටපත් ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ විධායක නිලධාරී හසන් සිංහවංශ ට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට ද යොමු කර ඇත.

ජාතික ඔලිම්පික් කමිටුව ඇමතිවරයා පත් කළ ස්ථාවරකරණ කමිටුව පිළි නොග්නනා බව ජාත්‍යන්තරයට දන්වා දැනුවත් කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා රගර් සම්මේලනය මේ අවස්ථාවේදි එම ක්‍රීඩක කණ්ඩායම තේරීමේ සිට සියලු කටයුතු මෙහෙයවමින් ජාතික ඔලිම්පික් කමිටුවට සහය දක්වනු ඇත.තරින්ද රත්වත්තගේ නායකත්වයෙන් යුත් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකා රගර් සූදානම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව පමණක් නොව,ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද දැනුවත් කර තිබේ.

තරින්ද ජාතික සූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ අවස්ථාවේ LNW සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවට පහතින් පිවිසිය හැකිය.
https://sinhala.lankanewsweb.net/09/18/28442/

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan