මෝදිට එරෙහිව විශ්වාසභංගයක්

Date:

ගැටුම් හේතුවෙන් මේවන විට 130ක් මිය‌ගොස් 60,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇත.

මනිපූර්හි මැර පිරිසක් විසින් කතෝලික භක්තිකයන් වන කුකී සෝ නම් සුළු ජනවර්ගයකට අයත් කාන්තාවන් දෙදෙනෙකු නිරුවතින් පෙළපාලියක ගෙන ගොස් පහර දෙමින් ලිංගික හිංසනයට ලක්කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගියදා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ ඉන්දීයාව දෙසට සමස්ත ලෝකයේම අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් අගමැති මෝදිට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංගයක් ගෙනඑන බවට අනාවරණය වේ.

පාර්ලිමේන්තුව තුළ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) ආසන 542 කින් යුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 301 ක පැහැදිලි බහුතරයක් ඇති බැවින් විශ්වාසභංග ඡන්දය එහි ස්ථාවරත්වයට කරනු ලබන බලපෑම අඩුය. මෙම සිදුවීම අගමැතිවරයා විසින් හෙළා දැක ඇති අතර වරදකරුවන්ට දැඩි දඬුවම් දෙන බවට පොරොන්දු වී ඇත.

මිලියන 3.2 ක ජනතාවක් වෙසෙන මනිපූර්හි ක්‍රිස්තියානි ගෝත්‍රික කුකී-සෝ ජනයා භුක්ති විඳින විශේෂ ආර්ථික ප්‍රතිලාභ සහ රජයේ රැකියා සහ අධ්‍යාපනයේ කෝටාවන් බහුතර හින්දු මෙයිටී ජනගහනයට ද ලබා දීම සලකා බලන ලෙස අධිකරණයක් ප්‍රාන්ත රජයට නියෝග කිරීමෙන් පසුව පසුගිය මැයි මස 3 දා මනිපූර්හි ප්‍රචණ්ඩත්වය ආරම්භ විය. ගැටුම් හේතුවෙන් මේවන විට 130ක් මිය‌ගොස් 60,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇත.

විපක්ෂය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ භාරතීය ජනතා පක්ෂය පාලනය කරන මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වය, ලිංගික හිංසනයන් සහ අවතැන්වීම් හේතුවෙන් බිහිසුණු ජීවිත ගෙවන ජනාතාව වෙනුවෙන් අගමැතිවරයා මැදිහත්විය යුතු බවයි.

සශිකලා මධුෂාණී_ outbound today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...