අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (27) මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්,  අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මේ සති අන්තය වන විට අවසන් කර ප්‍රතිලාභ ගෙවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස  අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ, සමාජ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා දැනට බැංකු ගිණුම් විවෘත කර නොමැති පිරිස් සඳහා කඩිනමින් ගිණුම් විවෘත කිරීමට කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම අපේක්ෂා රෝහලේ වසා දමා ඇති භික්ෂු වාට්ටුව පිළිබඳ ගැටලුව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇත. එය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට ඇස්තමේන්තු සකස් කරමින් සිටින බව ද මෙහිදී අනාවරණය වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...