මෝටර් රථයකට කංසා දමා අල්ලන්න යෑම : වීඩියෝවේ සිටි කොස්තාපල්ගේ වැඩ තහනම් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී ඒ තුළට කංසා පාර්සලයක් දමා එම මෝටර් රථයේ පැමිණි තරුණයින් පිරිසක්ව අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය වී තිබුණු අතර එම නිලධාරියාට සහ පොලීසියට දැඩි සමාජ විවේචනයක් එල්ල වී තිබිණි.

කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මෙම කොස්තාපල්වරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කොල්ලුපිටිය ප්‍රදේශයේදී තරුණයින් පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් පරීක්ෂා කරන අතරතුර මෙම කොස්තාපල්වරයා මෝටර් රථය තුළ කංසා තබා අදාළ තරුණයින්ව අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවටයි එම වීඩියෝවෙන් චෝදනා එල්ල වී තිබුණේ. එම වීඩියෝවේ දැක්වුණු ආකාරයට අදාළ කොස්තාපල්වරයා ඒ මොහොතේදී වරදකාරී ස්වභාවයකින් හැසිරෙන ආකාරයක් ද පෙන්නුම් කෙරිණි.

ඒ අනුව කොළඹ දකුණ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග පරිදි මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව සඳහන්. ඒ, රාජකාරී වේලාව තුළ නිල ඇදුමින් බුලත් විටක් සපමින් සිටීම, රියදුරු හෝ රථයේ ගමන් ගත් වෙනත් පුද්ගලයෙක් හෝ සහායක නිලධාරියෙකුවත් නොමැතිව රථය පරීක්ෂා කිරීම යනාදී චෝදනා කිහිපයක් යටතේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...