ඊශ්‍රායලයෙන් ගෝලාන් කඳුකරයේ පිහිටා ඇති පාපන්දු පිටියකට ප්‍රහාර!

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ)

ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයේ පිහිටා ඇති පාපන්දු පිටියකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් දරුවන් සහ තරුණයින් 12 දෙනෙක් පමණ මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය විසින් එල්ලකර ඇති බවට ඊශ්‍රායලය චෝදනා කරයි.

නමුත් හිස්බුල්ලා සංවිධානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළේ එම ප්‍රහාරයට දරුණු ප්‍රතිචාරයක් දක්වන බවයි.

ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මේ හේතුවෙන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...