පාලන මිලකට යන පාන් මිල!

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):

එළැඹෙන සතියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 130ක මිලකට අලෙවි නොකළහොත් පාන් සඳහා පාලන මිලක් ගෙන ඒමට සිදුවන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

එහි වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පැවසුවේ, කඩයක් සඳහා රුපියල් ලක්ෂයක් සහ සමාගමක් හෝ ආයතනයක් නම් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50ක් දක්වා දඩ නියම කිරීමට හැකියාව ති බවය. පාන් සඳහා නියමිත මිලක් නොමැති බවටත්, ඇතැම් පාන්වල නියමිත බර නොමැති බවටත් පාරිභෝගිකයින් ඇතුළු පාර්ශ්ව වරින්වර චෝදනා එල්ල කළේය.

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය වරින්වර ඒ සම්බන්ධයෙන් වැටලීම්ද සිදුකරනු ලැබීය. එවන් පසුබිමක ඉකුත් පෙබරවාරි 02 වැනිදා පාන් ගෙඩියක පැවතිය යුතු නියමිත බර ප්‍රමාණය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක්ද නිකුත් කළේය.

එහි දැක්වුණේ, පාන් ගෙඩියක අවම බර ග්‍රෑම් 450ක් සහ පාන් බාගයක අවම බර ග්‍රෑම් 225ක් විය යුතු බව වන අතර, මෙවැනි වාතාවරණයක් තුළ ඉකුත් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය දන්වා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...