රටතුළ ස්ථාවරත්වයක් ගොඩ නැගීමට ජනාධිපතිවරයා සමත්ව තිබෙනවා- Scott Morrison

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):

ගෙවී ගිය වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ධනාත්මක මාවතකට පැමිණ තිබිම විශ්වාස කිරීමට පවා අපහසු බව , යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසයි.

“ශ්‍රී ලාංකිකයින් දුෂ්කර තෝරා ගැනීම් , අභියෝග හා දැඩි වේදනාකාරී ප්‍රතිඵල මධ්‍යයේ මෙම ගමන පැමිණ ඇති බවට නිසකයි.ඉතා කෙටි කාලයකින් රුපියල ස්ථාවර කිරීම , උද්ධමනය පාලනය කිරීම , පොලී අනුපාත අවම කර ගැනීම,ණය ප්‍රතිව්‍යුහගතකරණය හා රටතුළ ස්ථාවරත්වයක් ගොඩ නැගීමට ජනාධිපතිවරයා සමත්ව තිබෙනවා. මම හිතන්නේ එය ගෞරවය හිමිවිය යුතු කාරණයක්.”

ප්‍රශ්නය “ශ්‍රී ලංකාව මැතිවරණයකට සුදානම් වනවා”. අපි මුහුණදුන් තත්ත්වයන් හා අභියෝග සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවට මොනවගේ නායකත්වයක් අවශ්‍යයි කියලද ඔබ හිතන්නේ?

පිළිතුර “ශ්‍රී ලංකාව මෙම මාවතේම රැදි සිටිමට හා අනාගතයේ දී වර්ධනයක් ඇති කර ගැනිමට නම් දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි.නැතහොත් පසුගිය කාලයටත් වඩා ඉදිරි කාලය දුෂ්කර වේවි. ශක්තිමත් ආර්ථිකයක් නොමැතිව සෞඛ්‍ය ඇතුලු අනෙකුත් පහසුකම් සදහා ආධාර ලබාදීම පහසු කටයුත්තක් වන්නේ නැහැ. ඒවා අත්‍යවශ්‍ය කාරණා. මෙම වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යන්න ශ්‍රී ලාංකික ජනතාව නිවැරදි තීරණය ගනී කියලයි මම හිතන්නේ. “

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...