*
Friday, November 29, 2024
spot_img

Latest Posts

නීතියේ ආධිපත්‍ය කෙළසන, අධිකරණ තීන්දුවලට අයුතු බලපෑම් කරන සියල්ලන්ට නීතිය හමුවේ දඬුවම් ලබා දෙනවා – සජිත් (VIDEO)

අද වන විට අප රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටි අනීතික රටක් බවට පත්ව ඇති බවත් රටේ පාලකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කරමින් අධිකරණය හැල්ලුවට ලක් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනුප්‍රප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනෙට්ටුවේ ගෝලයින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගත නොහැකි බවත් එය බලරහිත හා ක්‍රියාත්මක නොකරන බවට පවසන බවත් මේ ආකාරයෙන් අධිකරණයට අපහාස කිරිම සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

නීතිඥයින් යැයි කියා ගන්නා රටේ පාලකයින් ත්‍රෛපාර්ශ්වීය ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම ගැන නොදන්නා බවත් ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන ආයතන අතර බලය බෙදෙනවා මෙන් ම සංවරණ සහ තුලන ඇති බවත් මේවා ගැන මොවුන්ට අවබෝධයක් නොමැති බවත් අත්දැකීම් ඇති, පළපුරුද්ද කළපුරුද්ද දැක පුරුද්ද ඇති බව මොවුන් පැවසුවත් මොවුන් නීතියේ ආධිපත්‍ය නැති කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දු මේ ආකාරයෙන් හෑල්ලු කර කටයුතු කරනවා නම් සමගි ජන බලවේග රජයක් තුළ එසේ අනීතිකව කටයුතු කරන සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බවත් මේවා දේශපාලන දඩයම් නොව නීතිය සැබෑ ලෙසම ක්‍රියාත්මක කර නීතියේ ආධිපත්‍ය සුරක්ෂා කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාතර පැවැති රණවිරු බලවේගයේ සමුළුව අමතමිනි.

මේ පාලකයින් පසුගිය කාලයේ ව්‍යවස්ථාවේ අඩුපාඩුකම් සොය සොයා ගිය බවත් මැතිවරණය කල්දැමීමට පෙත්සම් ඉදිරිපත් කිරීම මෙන්ම අවුරුදු 6, අවුරුදු 5 කිරිම නිසා එය වෙනස් විය යුතු යැයි පැවසූ බවත් ඊට අමතරව මේ ජනාධිපතිවරයා පමණක් අවශ්‍ය යැයි පැවසූ බවත් සෑම අවස්ථාවක ම දේශපාලන කුමන්ත්‍රණ මෙන්ම ව්‍යවස්ථාවත් වැරදි ආකාරයට අර්ථකථනය කර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, අධිකරණයට පහර ගැසීම් ආදිය සිදු කළ බවත් මෙය යහපත් රාජ්‍ය පාලනයක් නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා නීතියේ ආධිපත්‍යක් නොමැති නම් ආයෝජකයින් අප රටට නොඑන බවත් පෙන්වා දුන්නේය.

එම නිසා මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සහ අනීතික පාලනය ගෙදර යවන යුගයක් අවශ්‍ය බවත් යුක්තිය සහ නීතිය රජකරවන යුගයක් අවශ්‍ය බවත් සමගි ජන බලවේග රජයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ සෙල්ලම් නොමැති බවත් නීතිය පෞද්ගලික වාසියට හරවන ක්‍රමවේද ක්‍රියාත්මක නොකරන බවත් යුක්තිය සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න තමා කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ත්‍රිවිද හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක අංශය විවිධ අවස්ථාවල දේශපාලනීකරණයට නතුව ඇති බවත් මේ දේශපාලන ග්‍රහණයෙන් මුදවා කිසිදු දේශපාලන බලපෑමක් නොමැතිව ඔවුන්ගේ රැකියාව, වෘත්තිය නිත්‍යානුකූලව විනිවිදභාවයෙන් යුක්තව සිදු කිරීමට අවස්ථාව ලබා දෙන බවත් දේශපාලනඥයන් පැමිණ පොලිසියට බලපෑම් සිදු කිරීම නවතා දේශපාලන ඇගිලි ගැසීම්වලින් ආරක්ෂක අංශය මුදවා ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේම තමා කිසිදු අවස්ථාවක පොලිසිය, ආරක්ෂක අංශ හරහා දේශපාලනය කර නොමැති බවත් තමාගේ වගකීම පොලිස් ලොක්කන්ගේ හමුදාවේ ලොක්කන්ගේ පුටුවේ වාඩි වී අනවශ්‍ය දේශපාලන ඇගිලි ගැසීම් සිදු කිරීම නොව අප රට සංවර්ධනය කර සැවොම ඇතුළු කර ගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම බවත් එම නිසා ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ ස්වාධිනත්වය ඇති කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan